

ඔස්ට්රේලියාවේ රැකියා කරන පිරිස දහස් ගණනකින් අඩුවෙයි
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම

ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම සංඛ්යාලේඛනවලින් අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශය (ABS) අද නිකුත් කළ දත්ත අනුව, සැප්තැම්බර් මාසයේදී රැකියාවල නිරතව සිටින පුද්ගලයන්ගේ සංඛ්යාව 39,300කින් පමණ පහළ ගොස් තිබෙනවා.
එම කාලසීමාව තුළ රැකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්යාව තවත් 8,900කින් ඉහළ ගොස් ඇති අතර, මෙය ඔස්ට්රේලියානු ශ්රම වෙළෙඳපොළේ දුර්වල වීමක් පෙන්නුම් කරන බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

මීට අමතරව රැකියාවල නිරත වන හෝ සක්රීයව රැකියා සොයන පුද්ගලයන්ගේ ප්රතිශතය අගෝස්තු මාසයේ පැවති සියයට 67 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 66.8 දක්වා පහළ ගොස් තිබෙනවා.
රැකියාවල නිරත පුද්ගලයන්ගේ සංඛ්යාව සමස්ත වැඩකරන වයසේ ජනගහනයට සාපේක්ෂව ගණනය කරන අනුපාතය ද සියයට 63.6 දක්වා පහළ ගොස් ඇති බව ABS දත්ත පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, සෘතුමය බලපෑම්වලින් පිරිසිදු කළ විරැකියා අනුපාතය සියයට 4.7ක් ලෙස පැවතියද, දිගුකාලීන ප්රවණතාවය මත ගණනය කරන විරැකියා අනුපාතය සියයට 4.6ක් ලෙස නොවෙනස්ව පවතිනවා.
මෙම තත්ත්වය ඔස්ට්රේලියානු ආර්ථිකයේ ඉදිරි ගමන්මඟ සහ පොලී අනුපාත පිළිබඳව තීරණ ගැනීමේදී වැදගත් දර්ශකයක් වන අතර, ඉදිරි මාසවල රැකියා වෙළෙඳපොළේ වෙනස්කම් පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
බටහිර ඔස්ට්රේලියාවේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්යයනයක් සිදු කිරීමට ප්රාන්ත රජය...
ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්රිය සමාජ මාධ්ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට...
අද රාත්රියේ ඔස්ට්රේලියාවේ ප්රදේශ රැසක අහස වර්ණවත් කරමින් දුර්ලභ Aurora Australis සංදර්ශනයක් දැකගැනීමේ අවස්ථාව පවතින බව කාලගුණ විද්යා කාර්යාංශය පවසනවා....
ශ්රී ලංකාවේ සිට ඔස්ට්රේලියාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ අලි වසුරුවලින් නිපදවූ Fridge Magnets කිහිපයක් ඔස්ට්රේලියාවට රැගෙන යාමට අවසර ලබාදී...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ ක්රිකට් ලෝලීන්ට රැකියාවේ නිරත වන අතරතුර ක්රිකට් තරගයක් නැරඹීමට අවස්ථාව සලසන නව වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. Cricket...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...
ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්රේලියානු ෆෙඩරල් රජය පියවර ගෙන

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්රාන්තයේ මරණ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී ඉවත් කිරීමට විපක්ෂ සන්ධානය සහ

ඔස්ට්රේලියාවේ මලල ක්රීඩා පිටියේ ශ්රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ Little Athletics ක්රීඩා සමාජය නියෝජනය

ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර්