Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔක්කාරය, වමනය සහ උදරයේ වේදනාව හේතුවෙන් මෙම දැරිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති අතර, මුලින් වෛද්‍යවරුන් ඇය ආමාශය සහ කුඩා අන්ත්‍රය ආශ්‍රිත ආසාදන තත්ත්වයකින් පෙළෙන බවට සැක කර තිබුණා.

කෙසේ වෙතත්, ඇගේ රෝග ලක්ෂණ ක්‍රමයෙන් උත්සන්න වී ඇති අතර, පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෘද පේශිවල ඇතිවන දැවිල්ලක් වන Myocarditis තත්ත්වය පිළිබඳ සැක මතුව තිබෙනවා.

Advertisement

එම අවස්ථාවේ සිදුකළ රුධිර පරීක්ෂණවලින් අනතුරු ඇඟවීමේ ලක්ෂණ හඳුනාගෙන තිබුණද, ඒවාට නිසි අවධානයක් යොමු නොවූ බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති අතර, දැරියගේ තත්ත්වය බරපතළ නොවන බවට වෛද්‍යවරයකු විසින් තක්සේරු කර තිබූ බව ද සඳහන්.

පසුව දැරියගේ හෘදය ක්‍රියා විරහිත වීමේ තත්ත්වයක් ඇතිවී තිබූ අතර, ඇය Royal Children’s Hospital වෙත මාරු කිරීමට සැලසුම් කරමින් සිටියදී නැවතත් හෘදය නතර වීම හේතුවෙන් ඇගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබෙනවා.

Banner 01

මෙම සිද්ධිය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කළ නියෝජ්‍ය ප්‍රාන්ත මරණ පරීක්ෂක Paresa Spanos සඳහන් කර ඇත්තේ, දැරියට ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සහ රැකවරණයේ පැවති අඩුපාඩු ඇගේ මරණයට හේතු වී ඇති බවයි.

දැරියගේ මවගේ ප්‍රකාශයක් කියවමින් සිටියදී මරණ පරීක්ෂකවරිය ද දැඩි සංවේගයට පත්ව කඳුළු සලමින් සිය ප්‍රකාශය මොහොතකට නතර කර ඇති අතර, Monash Health ආයතනය මරණ පරීක්ෂණයේ සොයාගැනීම් පිළිගෙන, දැරියගේ මරණයෙන් පසු රෝහලේ ප්‍රතිකාර ක්‍රමවේදවල වෙනස්කම් සිදුකර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්‍රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන්...

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කරන පුණ්‍යායතනයක්, සුදු ජාතික ආධිපත්‍යවාදී අදහස් ප්‍රචාරය කරන සංවිධාන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ මුදල් ලබාදීම...

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් රෝහලකදී මියගිය 8 හැවිරිදි “ලංකා” ගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව හෙළිවෙයි

මෙල්බන් රෝහලකදී මියගිය 8 හැවිරිදි “ලංකා” ගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව හෙළිවෙයි

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් මිලියන 3කට සහනයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී ඉවත් කිරීමට විපක්ෂ සන්ධානය සහ

Read More »

ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික උරුමයක් ඇති දියණියකගෙන් දස්කම්

ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ Little Athletics ක්‍රීඩා සමාජය නියෝජනය

Read More »

කාඩ් ගාස්තු තහනමෙන් පසුව කෝපි මිලත් ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර්

Read More »

පාඨමාලා අවසන් කරන සිසුන්ට Centrelink වෙතින් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව අවසන් වන දිනය වෙනස් වී

Read More »

පිළිකා ප්‍රතිකාරයේ අතුරු ආබාධ අඩු කළ හැකි නව ඖෂධයක් ඔස්ට්‍රේලියාවෙන්

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව ඖෂධයක් Adelaide University පර්යේෂකයන් විසින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom