

ඔස්ට්රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්
ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

ඔස්ට්රේලියාවේ ඉහළ තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්රයට ශ්රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය ජාත්යන්තර අවධානයට ලක්ව තිබෙනවා.
ඒ, Canberra හි පිහිටි University of Canberra විශ්වවිද්යාලයේ තාක්ෂණික පර්යේෂණවල නිරත ශ්රී ලාංකික පර්යේෂකයන්ගේ දක්ෂතා හේතුවෙන්.
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් Yasoja Gunasekera මහත්මිය ඔක්තෝබර් 8 වනදා එම විශ්වවිද්යාලයේ සංචාරයක නිරත වෙමින් අධ්යාපන, තාක්ෂණික සහ පර්යේෂණ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී විශ්වවිද්යාලයේ උපකුලපති Bill Shorten මහතා ද හමුවී ශ්රී ලංකාවේ විශ්වවිද්යාල සමඟ ඒකාබද්ධ පර්යේෂණ සහ ශිෂ්ය හුවමාරු අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.
මෙම සංචාරයේ විශේෂත්වයක් වූයේ ශ්රී ලාංකික ඔස්ට්රේලියානු මහාචාර්ය Damith Herath විසින් ආරම්භ කර මෙහෙයවනු ලබන රොබෝ තාක්ෂණ පර්යේෂණාගාරය නිරීක්ෂණය කිරීමයි.
එහිදී ආචාර්ය උපාධි පර්යේෂණවල නිරත ශ්රී ලාංකිකයන් සිව්දෙනෙකු වන Buddhi Gamage, Kalana Ratnayake, Moniesha Thilakarathna සහ Nipuni Wijesinghe සමඟ ද සාකච්ඡා කර තිබෙනවා.
කෘත්රිම බුද්ධිය, සමාජ රොබෝවරුන්ගේ හැසිරීම් සැලසුම් කිරීම, අපද්රව්ය වර්ගීකරණය සහ සෞඛ්ය සේවයේදී මිනිසුන් හා රොබෝවරුන් අතර අන්තර්ක්රියා වැඩිදියුණු කිරීම ඔවුන්ගේ පර්යේෂණවලට ඇතුළත්.
මෙම පර්යේෂණ මඟින් ඔස්ට්රේලියාවේ විද්යාත්මක දියුණුවට සහ නව තාක්ෂණික සොයාගැනීම්වලට ශ්රී ලාංකික පර්යේෂකයන් ලබාදෙන දායකත්වය තවදුරටත් ඉස්මතු වනවා.
#SriLankanTalent #SriLankansInAustralia #Robotics #ArtificialIntelligence #TechInnovation #Research
ඔස්ට්රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...
නූතන ඔස්ට්රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්රේලියානු අග්රාමාත්ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...
ඔස්ට්රේලියාවේ පාසල් අධ්යාපනය තුළ AI අධික ලෙස භාවිත කිරීම දරුවන්ගේ දිගුකාලීන ඉගෙනීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට Australian...
පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව...
ඔස්ට්රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්රතිඵල Canstar ආයතනය...
වික්ටෝරියා ප්රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්රී...
ඔස්ට්රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්රකාශ නොකළ මස් කිලෝග්රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...
දුර්ලභ ළමා ඩිමෙන්ෂියා රෝගයක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා රෝගීන්ගේ රුධිර සෛල භාවිතයෙන් මිනිස් මොළයේ වර්ධනය අනුකරණය කරන කුඩා ත්රිමාණ ආකෘති...
ඔස්ට්රේලියාවේ නිවාස මිල ඉහළ යාම සහ තරුණ පරපුරට පළමු නිවස මිලදී ගැනීමට ඇති අපහසුතා සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීසි හිටපු අගමැති...

ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

ඔස්ට්රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්රාන්ත අධ්යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ

ඔස්ට්රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්රධානී Michele Bullock පසුගිය මූල්ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26 මූල්ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවෙන්

ඔස්ට්රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්රතිඵල Canstar ආයතනය විසින් අනාවරණය කර තිබෙනවා. බැංකු,