Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ලබාදුන් රජයේ මූල්‍ය ආධාරවලින් ඩොලර් මිලියන 257කට ආසන්න මුදලක් සුදුසුකම් නොලැබූ ව්‍යාපාර 9,000කට අධික සංඛ්‍යාවකට ගෙවා ඇති බව නව දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන දූෂණ විරෝධී කොමිසම වන IBAC ආයතනය සිදුකළ Operation Harmonia පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇති අතර, අදාළ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන් තොරතුරු වසන් කර ඇති බව ද හඳුනාගෙන තිබෙනවා.

වසංගත සමයේ මෙල්බන් නගරය ඇතුළු ප්‍රදේශවල දිගින් දිගටම පැවති Lockdown තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රජය ඩොලර් බිලියන ගණනක මූල්‍ය ආධාර ලබාදී තිබූ අතර, එම ආධාර ලබාගැනීම සඳහා ව්‍යාපාර GST බද්දට ලියාපදිංචි වී සිටීම අනිවාර්ය අවශ්‍යතාවක් වී තිබුණා.

Advertisement

කෙසේ වෙතත්, ඇතැම් ව්‍යාපාර GST ලියාපදිංචි දිනය අතීතයට බලපාන ලෙස වෙනස් කරමින් ආධාර සඳහා සුදුසුකම් ලබාගෙන ඇති බවට සැක මතුව තිබූ අතර, 2021 සහ 2022 වසරවලදී එවැනි ගෙවීම් හේතුවෙන් ඩොලර් මිලියන 285ක පමණ මුදලක් වැරදි ලෙස ගෙවා තිබිය හැකි බව රජයේ නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා.

එහෙත් මෙම ගැටලුව පිළිබඳව එවකට කර්මාන්ත සහාය පිළිබඳ අමාත්‍ය Martin Pakula වෙත නිසි තොරතුරු ලබා නොදී ඇති අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු විසින් අදාළ තොරතුරු වාර්තාවලින් ඉවත් කර හෝ වසන් කර ඇති බව පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

Banner 01

IBAC කොමිසම පෙන්වා දෙන්නේ, තොරතුරු වසන් කිරීමට දේශපාලන බලපෑම් එල්ල වූ බවට සාක්ෂි හමු නොවූ නමුත්, අමාත්‍යවරයාගේ අප්‍රසාදයට ලක්වීම හෝ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානි වීම වළක්වාගැනීමේ අරමුණින් නිලධාරීන් ස්වයං වාරණයක නිරත වී ඇති බවයි.

මේ අතර, වික්ටෝරියා විපක්ෂ නායිකා Jess Wilson මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වසංගත සමයේ බදු ගෙවන්නන්ගේ මුදල් කළමනාකරණය කිරීමේදී ලේබර් රජය අසාර්ථක වූ බවට මෙය තවත් සාක්ෂියක් බව ප්‍රකාශ කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ආදිවාසී තරුණයන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු කතෝලික රදගුරුවරයෙකුට වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී...

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා...

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු...

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින්...

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම...

ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන...

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ව්‍යාපාර 9,000කට වැරදි ලෙස COVID ආධාර ගෙවලා

වික්ටෝරියාවේ ව්‍යාපාර 9,000කට වැරදි ලෙස COVID ආධාර ගෙවලා

COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ලබාදුන් රජයේ මූල්‍ය ආධාරවලින් ඩොලර් මිලියන 257කට ආසන්න මුදලක් සුදුසුකම් නොලැබූ ව්‍යාපාර 9,000කට අධික සංඛ්‍යාවකට ගෙවා ඇති බව

Read More »

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගුවේ සංක්‍රමණිකයන්ගේ දායකත්වයෙන් – Albanese කියයි

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර පැවැත්වෙන Federation of Ethnic Communities’

Read More »

වික්ටෝරියාවේ ගබ්සා සේවා නොමිලේ ලබාදීමට රජයෙන් නව යෝජනාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ පොරොන්දුවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්

Read More »

ඔස්ට්‍රේලියාවේ දරුවන් වෙනුවෙන් දෙන දීමනාවක් ගැන අලුත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. භූගෝලීය

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සතියකට $ 338ක් – රජයේ දීමනාව තවත් පාඨමාලා 10කට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර 10ක් දක්වා පුළුල් කිරීමට ෆෙඩරල්

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන පිරිස දහස් ගණනකින් අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමේ අඛණ්ඩව පවතින බව නවතම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom