Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳපොළ වෙබ් අඩවියක් වන realestate.com.au විසින් සිදුකර ඇති මෙම විශ්ලේෂණයට අනුව, 2031 වසර වනවිට මෙල්බන්හි ප්‍රදේශ 69ක නිවාස වටිනාකම ඩොලර් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව සඳහන් වෙනවා.

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින Langwarrin ප්‍රදේශයේ ඩොලර් 875,000ක් පමණ වන නිවසක වටිනාකම 2031 වසර වනවිට ඩොලර් මිලියන 1.14ක් දක්වා ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

Advertisement

ඒ අනුව Frankston North ප්‍රදේශයේ ඩොලර් 642,000ක් පමණ වන නිවසක වටිනාකම ඩොලර් 831,000ක් දක්වාත්, Mickleham ප්‍රදේශයේ ඩොලර් 683,000ක් වන නිවසක වටිනාකම ඩොලර් 884,000ක් දක්වාත් ඉහළ යා හැකි බව පෙන්වා දෙනවා.

එමෙන්ම Balnarring ප්‍රදේශයේ නිවාස වටිනාකම ඩොලර් මිලියන 1.29 සිට මිලියන 1.66ක් දක්වාත්, Rockbank ප්‍රදේශයේ ඩොලර් 616,000 සිට ඩොලර් 793,000ක් දක්වාත් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

Banner 01

මීට අමතරව Coburg North, Baxter, Doveton, Narre Warren North සහ Cannons Creek යන ප්‍රදේශ ද ඉදිරි වසර පහ තුළ නිවාස මිල සැලකිය යුතු ලෙස වර්ධනය විය හැකි ප්‍රදේශ අතරට ඇතුළත් වෙනවා.

මෙම විශ්ලේෂණයට අනුව, 2036 වසර වනවිට මෙල්බන්හි ඩොලර් මිලියනයකට වැඩි නිවාස වටිනාකමක් ඇති ප්‍රදේශ සංඛ්‍යාව 188 සිට 372 දක්වා ඉහළ යා හැකි බවද පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ඇස්තමේන්තු අතීත දේපළ මිල වර්ධන රටා මත පදනම් වූ ගණනය කිරීම් වන අතර, පොලී අනුපාත, ජනගහන වර්ධනය, නිවාස සැපයුම සහ ආර්ථික තත්ත්වයන් අනුව සැබෑ නිවාස මිල වෙනස් විය හැකි බවද විශ්ලේෂකයන් අවධාරණය කරනවා.

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව...

Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන්වල නිරත වන මගීන්ට ප්‍රමාදයන් ඇතිවිය හැකි...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල්...

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ නිකුත් වූ දුර්වල දත්ත හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මාස තුනක අවම මට්ටමකට පහත වැටී ඇති අතර,...

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිරදඬුවම් විඳින කාන්තාවකට අනාගතයේදී දරුවන් බිහිකිරීමේ හැකියාව ආරක්ෂා කරගැනීම සඳහා තම ඩිම්බ ශීතකර සුරක්ෂිත කරගැනීමට අදාළ අයදුම්පතක් ඉදිරිපත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඉදිරි වසර 05 තුළ මෙල්බන්හි නිවාස මිල විශාල ලෙස ඉහළ යන ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වන අයට රැකියා වෙළෙඳපොළෙන් අලුත් සංඥාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

Read More »

ඉදිරි වසර 05 තුළ මෙල්බන්හි නිවාස මිල විශාල ලෙස ඉහළ යන ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

වික්ටෝරියාහි රජයේ පාසල්වලට දරුවන් යවන දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

Read More »

ළමා රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් වැඩි කිරීමට වික්ටෝරියා රජයෙන් නව පියවරක්

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ

Read More »

RBA ප්‍රධානියාගේ වැටුප දැනගත්තොත් ඔබ පුදුම වෙයි

ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්‍රධානී Michele Bullock පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom