Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දහවල් 12ට ආසන්න වේලාවක වෙඩි තැබීමක් සිදුව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව විශාල පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Williams Parade සහ Constitution Road යන මාර්ග හමුවන මංසන්ධිය අවට ප්‍රදේශය පොලිසිය විසින් වටලා ඇති අතර, ආරක්ෂක හේතූන් මත මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස දැනුම් දී තිබෙනවා.

Advertisement

මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, අවට පාසල් කිහිපයක ද ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

පොලිස් මෙහෙයුම හේතුවෙන් Dulwich Hill සහ Lilyfield අතර Light Rail දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවා ඇති අතර, මගීන්ට විකල්ප ප්‍රවාහන පහසුකම් භාවිත කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

Banner 01

මේ දක්වා මෙම සිද්ධියෙන් කිසිවකු තුවාල ලබා ඇති බවට වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති බව ද මූලික වාර්තා සඳහන් කරනවා.

වෙඩි හඬ පිළිබඳ ලැබුණු තොරතුරුවලට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, එම ප්‍රදේශය ආශ්‍රිතව ගමන් කරන ජනතාවට පොලිස් උපදෙස් පිළිපදිමින් ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිරදඬුවම් විඳින කාන්තාවකට අනාගතයේදී දරුවන් බිහිකිරීමේ හැකියාව ආරක්ෂා කරගැනීම සඳහා තම ඩිම්බ ශීතකර සුරක්ෂිත කරගැනීමට අදාළ අයදුම්පතක් ඉදිරිපත්...

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...

ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්‍රියාත්මක වනවා....

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී...

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ...

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා....

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිඩ්නි නගරයක වෙඩි හඬක් – දුම්රියත් තාවකාලිකව නවතී

ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වන අයට රැකියා වෙළෙඳපොළෙන් අලුත් සංඥාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

Read More »

ඉදිරි වසර 05 තුළ මෙල්බන්හි නිවාස මිල විශාල ලෙස ඉහළ යන ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

වික්ටෝරියාහි රජයේ පාසල්වලට දරුවන් යවන දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

Read More »

ළමා රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් වැඩි කිරීමට වික්ටෝරියා රජයෙන් නව පියවරක්

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ

Read More »

RBA ප්‍රධානියාගේ වැටුප දැනගත්තොත් ඔබ පුදුම වෙයි

ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්‍රධානී Michele Bullock පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom