

උණුසුමට ඔරොත්තු දෙන කඩල සොයන ඔස්ට්රේලියානු විද්යාඥයෝ
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා.
University of Queensland විශ්වවිද්යාලයේ Queensland Alliance for Agriculture and Food Innovation ආයතනයේ පර්යේෂකයන් මෙම අධ්යයනය සිදුකර ඇති අතර, එහි ප්රතිඵල ඔක්තෝබර් 15 වැනිදා ප්රකාශයට පත්කර තිබෙනවා.
අධික උෂ්ණත්වය හේතුවෙන් කඩල ශාකවල මල් සහ කරල් හැලී යාම, පරාගවල සක්රීයතාව අඩුවීම සහ බීජ වර්ධනයට බාධා ඇතිවීම නිසා අස්වැන්න සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා කඩල ශාකවල ජාන, ජාන ක්රියාකාරීත්වය සහ පාරිසරික තත්ත්වයන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කරන නවීන තාක්ෂණික ක්රම කිහිපයක් යොදාගැනීමට පර්යේෂකයන් යෝජනා කර තිබෙනවා.
පර්යේෂණයට සම්බන්ධ Callum Jamie පවසන්නේ සාම්ප්රදායික ක්රම මඟින් උෂ්ණත්වයට ඔරොත්තු දෙන කඩල ප්රභේද සංවර්ධනය කිරීමේදී ජානමය විවිධත්වය සීමිත වීම ප්රධාන අභියෝගයක් වී ඇති බවයි.
විශේෂයෙන් Queensland සහ New South Wales ප්රාන්තවල කඩල වගා කරන ප්රදේශවල අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන අස්වැන්න හානි අවම කිරීමට මෙම පර්යේෂණය වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත්, නව පර්යේෂණයෙන් හඳුනාගන්නා ක්රම භාවිතයෙන් උණුසුමට ඔරොත්තු දෙන කඩල ප්රභේද ගොවීන්ට ලබාදීමට පෙර තවදුරටත් පර්යේෂණ හා ප්රායෝගික පරීක්ෂණ සිදුකිරීමට අවශ්ය වනවා.
මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්යන්තර ගෘහ...
ඔස්ට්රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට...
One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්රාන්තයේ නියෝජ්ය...
ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව...
ඔස්ට්රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්රකාශ නොකළ මස් කිලෝග්රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්රේෂ්ඨාධිකරණය විසින්...
නූතන ඔස්ට්රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්රේලියානු අග්රාමාත්ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...
ඔස්ට්රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...
ඔස්ට්රේලියාවේ සේවකයන්ට රාජකාරි වේලාව තුළ ව්යායාම කිරීමට වැටුප් සහිත විවේකයක් ලබාදීමෙන් ඇති වන ප්රතිඵල අධ්යයනය කිරීමට පර්යේෂකයන් පිරිසක් සූදානම් වනවා....

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

ඔස්ට්රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්රාන්ත අධ්යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ