Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂණයකින් අනාවරණය වනවා.

මෙතෙක් අගමැතිවරයාගේ නායකත්වය පිළිබඳ දැඩි විශ්වාසයක් තබාගෙන කටයුතු කළ මන්ත්‍රීවරුන්ගෙන් ඇතැමෙකු රජයේ තීරණ සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව එහි සඳහන්.

විශේෂයෙන් ඉහළ ජීවන වියදම, උද්ධමනය, පොලී අනුපාත ඉහළ යාම සහ නිවාස වෙළෙඳපොළේ පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Advertisement

ආර්ථික අභියෝග හමුවේ රජයේ වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් ගෙන ඇති ප්‍රතිපත්ති පිළිබඳවද පක්ෂය තුළ විවේචන මතුව ඇති බව වාර්තා වනවා.

බදු ප්‍රතිපත්ති, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සහ වෙනත් ආර්ථික තීරණ සම්බන්ධයෙන් රජය නිසි සැලසුමකින් කටයුතු නොකරන බවට ද ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මත පළ වී තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අමතමින් අගමැති ඇල්බනීසි ප්‍රකාශ කර ඇත්තේ මීළඟ මැතිවරණය ආසන්න වනවිට කම්කරු පක්ෂයේ දේශපාලන තත්ත්වය යළි ශක්තිමත් වනු ඇති බවයි.

මේ අතර විපක්ෂ සන්ධානය තුළ පවතින ගැටලු හේතුවෙන් කම්කරු පක්ෂයට දේශපාලනිකව යළි ශක්තිමත් වීමට තවදුරටත් අවස්ථාව පවතින බවද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් රජය අතින් සිදුවන බව කියන වළක්වාගත හැකි වැරදි සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීමට ඇතැම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් සූදානම් නොමැති බව මෙම විශ්ලේෂණයෙන් අනාවරණය වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වලදී දරුවන් වාහනය තුළ තනිවම තබා මුදල් ගෙවීමට යාමෙන් රියදුරන්ට ඩොලර් 36,000ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි...

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...

පියයුරු පිළිකාවක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කාන්තාවන්ට කෘත්‍රිම බාහිර පියයුරු මිලදී ගැනීම සඳහා වැයවන මුදලින් කොටසක් නැවත ලබාගැනීමට ඔස්ට්‍රේලියානු රජය...

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව...

ඉහළ ජීවන වියදම් හමුවේ ඔස්ට්‍රේලියානු පාරිභෝගික ජනතාව තමන්ගේ භාණ්ඩ තේරීම් සහ මිලදීගැනීම් වෙනස් කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අගමැති ඇල්බනීසිගේ නායකත්වය ගැන Labor පක්ෂය ඇතුළේ නොසතුටක්

අගමැති ඇල්බනීසිගේ නායකත්වය ගැන Labor පක්ෂය ඇතුළේ නොසතුටක්

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට සෞදි අරාබි සංචාර අත්හිටුවන්නැයි රජයෙන් දැනුම්දීමක්

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ගුවන්

Read More »

මෙල්බන් නිවාස වෙන්දේසි නීති වෙනස් වෙයි – ගැනුම්කරුවන් අතරත් ව්‍යාකූලත්වයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට වැඩි මිල විනිවිදභාවයක් ලබාදීමේ අරමුණින්

Read More »

තරුණියකගේ මරණයෙන් කම්පනයට පත් මෙල්බන් යුක්තිය ඉල්ලා එක්වෙයි

  මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමත්, කාන්තාවන්ට එරෙහි

Read More »

මෙල්බන්හි වියට්නාම උරුමය වෙනුවෙන් නව කෞතුකාගාරයක්

  ඔස්ට්‍රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්‍රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්‍රදේශයේදී අද විවෘත කර තිබෙනවා. මෙම කෞතුකාගාරය ආරම්භ

Read More »

වික්ටෝරියා යළි සෙලවෙයි – මෙල්බන් අවට ප්‍රදේශවලටත් භූමිකම්පාවේ බලපෑම දැනෙයි

  වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය මීට සති තුනකට පමණ පෙර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom