Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, භාවිත නොකරන නමුත් තවදුරටත් හොඳ තත්ත්වයේ පවතින ඇඳුම් පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

Uber සමාගම විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් 87%ක් තමන් කිසිදා භාවිත නොකරන ඇඳුම් තවදුරටත් ළඟ තබාගෙන සිටින බවයි පැවසෙන්නේ.

Advertisement

එක් පුද්ගලයෙකු සතුව භාවිත නොකරන ඇඳුම්වල සාමාන්‍ය ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 719ක් පමණ වන බව ද එම පර්යේෂණයෙන් හෙළි වී තිබෙනවා.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය සහ Uber සමාගම එක්ව වාර්ෂික ඇඳුම් පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

Banner 01

ඒ අනුව, 2026 ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ්, පර්ත් සහ කැන්බරා යන නගරවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අදාළ නගරවල සුදුසුකම් ලබන පරිත්‍යාගශීලීන්ට Uber හෝ Uber Eats යෙදුම හරහා නොමිලේ කුරියර් සේවාවක් වෙන්කරගෙන, තම නිවසේ සිටම ඇඳුම් පරිත්‍යාග කිරීමට අවස්ථාව සැලසෙනවා.

පිරිසිදු, හොඳ තත්ත්වයේ පවතින ඇඳුම්, සපත්තු සහ උපාංග මෙලෙස පරිත්‍යාග කළ හැකි අතර ඒවා රතු කුරුස සංවිධානයේ වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම, අසරණ සහ සහාය අවශ්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන මානුෂීය සේවාවන් සඳහා යොදා ගැනෙන බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේ ද පැවති මෙම වැඩසටහන හරහා ඇඳුම් කිලෝග්‍රෑම් 125,000කට අධික ප්‍රමාණයක් එකතු කරගෙන තිබූ බව ද වාර්තා වනවා.

රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ, හොඳ තත්ත්වයේ භාවිත කළ ඇඳුම් නැවත භාවිතයට ගැනීමෙන් අවශ්‍යතා ඇති ජනතාවට සහාය වීමට මෙන්ම, රෙදිපිළි අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම අවම කිරීමට ද හැකි වන බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

චීනයෙන් ආනයනය කරන අඩු මිල විදුලි වාහන වැඩිවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමට සහනයක් ලැබීමේ හැකියාවක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු...

ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...

ඔස්ට්‍රේලියාවට Smart Glasses ආනයනය වසරකට තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට Greens පක්ෂය පියවර ගෙන තිබෙනවා. කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි හරහා...

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්‍රකෝටිපති ව්‍යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා....

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලෝභ නැතුව ඇඳුම් දෙන්න – Red Cross සංවිධානය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි

ලෝභ නැතුව ඇඳුම් දෙන්න – Red Cross සංවිධානය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

වැඩි වන ඉන්ධන මිල සමග EV සඳහා ඔස්ට්‍රේලියාව තුළ දැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. 2026 ඔක්තෝබර් 17 වැනිදා

Read More »

Melbourneහි නිවාස අහිමි ජනතාව වෙනුවෙන් කැපවුණු සිව්දරු මවක්

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සතියකට රාත්‍රී හතරක් සහ තමන්ට

Read More »

උණුසුමට ඔරොත්තු දෙන කඩල සොයන ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වන අයට රැකියා වෙළෙඳපොළෙන් අලුත් සංඥාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom