Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

ගුවන් තොටුපළ ඉලක්ක කරගත් මාරාන්තික මිසයිල ප්‍රහාර සහ කලාපීය ආරක්ෂක අවදානම් ඉහළ යාම මෙම අනතුරු ඇඟවීමට හේතු වී තිබෙන බවටයි සදහන් . යේමනයේ ඉරානයේ සහාය ලබන හූති සංවිධානයට සම්බන්ධ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ ගුවන් සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් 16 වැනිදා යාවත්කාලීන කළ ඔස්ට්‍රේලියානු රජයේ Smartraveller සංචාරක උපදේශනයට අනුව, ආගමික කටයුතු සඳහා සිදු කරන සංචාර ද ඇතුළුව සෞදි අරාබියට යාමෙන් වළකින ලෙස උපදෙස් දී තිබෙනවා. එරට ගුවන් තොටුපළවලට ද නොයන ලෙසත්, තවදුරටත් ප්‍රහාර එල්ල වීම, ගුවන් අවකාශය වසා දැමීම, ගුවන් ගමන් අවලංගු වීම සහ ප්‍රමාද වීමේ අවදානමක් පවතින බවටයි අනතුරු අඟවා තිබෙන්නේ .

Advertisement

දැනටමත් සෞදි අරාබියේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට එරටින් පිටවීමට අවශ්‍ය නම්, ආරක්ෂිත තත්ත්වයන් පවතින අවස්ථාවලදී මාර්ග හෝ දුම්රිය ප්‍රවාහනය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත ළඟා වීමේ විකල්ප සලකා බලන ලෙස දැනුම් දී තිබෙන බවටයි වාර්තා වන්නේ .

සෞදි අරාබියේ රැඳී සිටින පුද්ගලයන්ට හදිසි ආරක්ෂිත ස්ථානවලට යාමට සිදුවිය හැකි බැවින් අවශ්‍ය ආහාර, ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර තබා ගන්නා ලෙසත්, නිල නිවේදන නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා. ගුවන් තොටුපළකට යාමට පෙර තම ගුවන් ගමන පිළිබඳව අදාළ ගුවන් සමාගමෙන් සෘජුවම තහවුරු කර ගැනීම ද වැදගත් බව සඳහන්.

Banner 01

කලාපයේ ආරක්ෂක තත්ත්වය ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකි බැවින්, සංචාරකයන් නිල උපදෙස් පිළිපදින ලෙසටයි ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කරන්නේ .

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

  වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...

Powerball ලොතරැයි ඉතිහාසයේ තුන්වැනි විශාලතම තනි ටිකට්පත් ජයග්‍රහණයට හිමිකම් කියමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කාන්තාවක් ඩොලර් මිලියන 100ක දැවැන්ත මුදල්...

  මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන්...

ඉන්දියාවේ 16 හැවිරිදි පිරිමි දරුවෙකුගේ වම් ඇසට ඉහළින් දතක් වර්ධනය වීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මාසයක පමණ කාලයක් වේදනාවකින්...

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්‍රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට...

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...

ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන ඇති...

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ට සෞදි අරාබි සංචාර අත්හිටුවන්නැයි රජයෙන් දැනුම්දීමක්

අගමැති ඇල්බනීසිගේ නායකත්වය ගැන Labor පක්ෂය ඇතුළේ නොසතුටක්

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට සෞදි අරාබි සංචාර අත්හිටුවන්නැයි රජයෙන් දැනුම්දීමක්

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ගුවන්

Read More »

මෙල්බන් නිවාස වෙන්දේසි නීති වෙනස් වෙයි – ගැනුම්කරුවන් අතරත් ව්‍යාකූලත්වයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට වැඩි මිල විනිවිදභාවයක් ලබාදීමේ අරමුණින්

Read More »

තරුණියකගේ මරණයෙන් කම්පනයට පත් මෙල්බන් යුක්තිය ඉල්ලා එක්වෙයි

  මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමත්, කාන්තාවන්ට එරෙහි

Read More »

මෙල්බන්හි වියට්නාම උරුමය වෙනුවෙන් නව කෞතුකාගාරයක්

  ඔස්ට්‍රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්‍රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්‍රදේශයේදී අද විවෘත කර තිබෙනවා. මෙම කෞතුකාගාරය ආරම්භ

Read More »

වික්ටෝරියා යළි සෙලවෙයි – මෙල්බන් අවට ප්‍රදේශවලටත් භූමිකම්පාවේ බලපෑම දැනෙයි

  වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය මීට සති තුනකට පමණ පෙර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom