Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්‍රියාත්මක වන දැවැන්ත ගෑස් ව්‍යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Woodside සමාගමට අයත් ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් වටිනා Scarborough ගෑස් ව්‍යාපෘතියට අයත් මුහුදේ පාවෙන නිෂ්පාදන ඒකකයකට Greenpeace ක්‍රියාකාරීන් සිව්දෙනෙකු ඇතුළු වී විරෝධතාවක නිරත වී තිබෙනවා.

මෙම ඒකකය Western Australiaහි Northwest වෙරළේ සිට කිලෝමීටර් 375ක් පමණ දුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ Scott Reef නමැති කොරල් පර පද්ධතිය ආරක්ෂා කර ගැනීමයි.

Greenpeace සංවිධානය පෙන්වා දෙන්නේ Woodside සමාගමේ යෝජිත Browse ගෑස් ව්‍යාපෘතිය හේතුවෙන් මෙම සංවේදී සාගර පරිසර පද්ධතියට හානි සිදුවිය හැකි බවයි.

Banner 01

විරෝධතාව අතරතුර ක්‍රියාකාරීන් විසින් ගෑස් ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලා බැනර් ප්‍රදර්ශනය කර තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු රාත්‍රිය පුරාම එම වේදිකාවේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

මෙම අනවසර ඇතුළුවීම හේතුවෙන් ව්‍යාපෘතියේ පූර්ව මෙහෙයුම් කටයුතු ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව නතර කළ බව Woodside සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, සිද්ධියට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක බලකාය සහ අදාළ රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටින බව සඳහන්.

දැනට වාර්තා වන අවස්ථාව වන විට මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සියයට 98ක් පමණ අවසන් කර තිබීම ද විශේෂත්වයක්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය...

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර්...

ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්‍රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ අලි වසුරුවලින් නිපදවූ Fridge Magnets කිහිපයක් ඔස්ට්‍රේලියාවට රැගෙන යාමට අවසර ලබාදී...

ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විරෝධතා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ ගෑස් ව්‍යාපෘතියක් අත්හිටුවයි

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුරතල් සුනඛ හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති සියලුම ප්‍රාන්තවල එක සමාන නොවන

Read More »

පරීක්ෂණ වේගවත් කරන ඔස්ට්‍රේලියාවේ රොබෝ විද්‍යාඥයින්

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා. මෙම රොබෝ

Read More »

මෙවර Victoria මැතිවරණයදී විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ට පහසුකම් සලසන මධ්‍යස්ථාන 88ක්

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන 88ක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කිරීමට

Read More »

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා

Read More »

භාවිතයට නුසුදුසු භාණ්ඩ අලවි කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ වෙළඳසැල් ජාලයකට නඩු

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී කොමිසම වන ACCC විසින් අධිකරණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom