

ඔස්ට්රේලියානුවන් තවත් වසර දෙකක් ආර්ථික පීඩනයෙන්?
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම ඉහළ මට්ටමක පැවතිය හැකි බව

ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම ඉහළ මට්ටමක පැවතිය හැකි බව නව ආර්ථික විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
Committee for Economic Development of Australia හෙවත් CEDA ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඔස්ට්රේලියානු ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය මනින Misery Index දර්ශකය කොවිඩ් වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළ මට්ටම්වලට නැවත ආසන්න වී තිබෙනවා.
උද්ධමනය, විරැකියා අනුපාතය සහ පොලී අනුපාතය යන ප්රධාන ආර්ථික සාධක තුන පදනම් කරගෙන ගණනය කරන මෙම දර්ශකයට අනුව, 2023 වසරෙන් පසු ආර්ථික පීඩනය අඩුවීම සම්බන්ධයෙන් ලැබුණු ප්රගතිය මේ වනවිට නැවත අහිමි වී ඇති බව සඳහන්.

විශේෂයෙන් 2026 වසර තුළ සංචිත බැංකුව අවස්ථා හතරකදී පොලී අනුපාත ඉහළ නැංවීමත් සමඟ නිවාස ණය ගෙවන පවුල්වල මූල්ය පීඩනය තවදුරටත් වැඩි වී තිබෙනවා.
මේ අතර ඔස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශය නිකුත් කළ සැප්තැම්බර් මාසයේ රැකියා දත්ත අනුව, රැකියා නියුක්තිකයන් සංඛ්යාව 39,300කින් අඩු වී ඇති අතර විරැකියා අනුපාතය සියයට 4.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රැකියා වෙළෙඳපොළේ මෙම දුර්වල වීම හේතුවෙන් වසර අවසානයට පෙර සංචිත බැංකුව තවත් පොලී අනුපාත වැඩි කිරීමක් සිදුකිරීමේ අවදානම අඩුවිය හැකි බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
CEDA ආයතනයේ ආර්ථික විද්යා ප්රධානී Liam Dillon පවසන්නේ ඉහළ භාණ්ඩ මිල සහ නිවාස ණය ගෙවීම් හේතුවෙන් ඔස්ට්රේලියානු පවුල් දැඩි මූල්ය පීඩනයකට මුහුණ දෙන අතර, රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය මෙතෙක් එම පීඩනය පාලනය කිරීමට උපකාරී වූ බවයි.
ඒ අනුව උද්ධමනය, විරැකියාව සහ පොලී අනුපාතය දිගුකාලීනව පහත හෙළීමට නම් රටේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම අත්යවශ්ය බව CEDA ආයතනය අවධාරණය කරනවා.
මෙවර ලැව්ගිනි සමය වෙනුවෙන් ගිනි නිවීමේ ගුවන් යානා 60කින් යුත් වාර්තාගත බලඇණියක් සූදානම් කිරීමට වික්ටෝරියා ප්රාන්තය පියවර ගෙන තිබෙනවා. ඒ...
කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...
ඔස්ට්රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්රධානී Michele Bullock පසුගිය මූල්ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26...
ලබන අඟහරුවාදා (13) සිට පාසල් යලි ආරම්භ වීමත් සමඟ මාර්ග වල නැවත වරක් School Zones හෙට දින සිට ක්රියාත්මක වනවා....
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...
ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...
ඔස්ට්රේලියාවට Smart Glasses ආනයනය වසරකට තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට Greens පක්ෂය පියවර ගෙන තිබෙනවා. කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි හරහා...
වික්ටෝරියා ප්රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...

ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම ඉහළ මට්ටමක පැවතිය හැකි බව

ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield Lakes ප්රදේශයේ Centenary Motorway මාර්ගයේදී පෙරවරුවේ

One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්රමණික සීමා කිරීම් ක්රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්ය ණය ප්රමාණය ඩොලර් බිලියන 275කින් පමණ ඉහළ

වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන බව වික්ටෝරියා විපක්ෂ නායිකා Jess

ඔස්ට්රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි