

වික්ටෝරියාවේ ගෑස් තහනම ඉවත් කරන්න විපක්ෂයෙන් සැලසුම්
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන බව වික්ටෝරියා විපක්ෂ නායිකා Jess

වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන බව වික්ටෝරියා විපක්ෂ නායිකා Jess Wilson ප්රකාශ කර තිබෙනවා.
කම්කරු පක්ෂ රජයේ නව නීති අනුව 2027 ජනවාරි 1 වැනිදා සිට ඉදිකරන සියලුම නව නිවාස සහ බොහෝ වාණිජ ගොඩනැගිලි විදුලි බලයෙන් පමණක් ක්රියාත්මක වන ආකාරයට ඉදිකළ යුතුයි.
එමෙන්ම 2027 මාර්තු 1 වැනිදා සිට දැනට පවතින නිවාසවල ගෑස් ජල තාපකයක් අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයට පත්වුවහොත්, එය වෙනුවට විදුලි ජල තාපකයක් සවි කළ යුතු බව නව නීතිවල සඳහන් වනවා.

වික්ටෝරියා විපක්ෂය පවසන්නේ මෙම නීති හේතුවෙන් නව නිවසක් ඉදිකිරීමේ පිරිවැය ඩොලර් 15,000කින් පමණ ඉහළ යා හැකි බවයි.
මේ අතර Australian Gas Infrastructure Group ආයතනය සිදුකළ ආර්ථික විශ්ලේෂණයකට අනුව, ගෑස් භාවිතය අඩුවීම හේතුවෙන් දැනට ගෑස් භාවිත කරන ඇතැම් නිවාසවල වාර්ෂික ගෑස් බෙදාහැරීමේ ගාස්තු ඩොලර් 142ත් 267ත් අතර ප්රමාණයකින් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත්, වික්ටෝරියා බලශක්ති අමාත්ය Jaclyn Symes පවසන්නේ මෙම ප්රතිපත්තියේ අරමුණ නිවාසවල බලශක්ති වියදම් අඩු කිරීම සහ කර්මාන්ත සඳහා අවශ්ය ගෑස් සැපයුම ආරක්ෂා කිරීම බවයි.
මේ අතර වික්ටෝරියා විපක්ෂය අවධාරණය කරන්නේ ගෑස් හෝ විදුලිය භාවිත කිරීම පිළිබඳ තීරණය නිවාස හිමියන්ට සහ ව්යාපාරිකයන්ට ලබාදිය යුතු බවයි.
ඔස්ට්රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...
උසස් අධ්යාපනය සඳහා ඔස්ට්රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...
ඔස්ට්රේලියාවේ කැෆේ සහ අවන්හල්වලදී EFTPOS යන්ත්ර හරහා බිල්පත් ගෙවන පාරිභෝගිකයන්ගෙන් අමතර Tip මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මේ වනවිට...
කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්රධානී Michele Bullock පසුගිය මූල්ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26...
ඔස්ට්රේලියාවේ Centrelink ශිෂ්ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...

වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන බව වික්ටෝරියා විපක්ෂ නායිකා Jess

ඔස්ට්රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි

සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂණයකින් අනාවරණය

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්රේලියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ගුවන්