Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

65 හැවිරිදි මන්ත්‍රීවරිය සිය මැතිවරණ කොට්ඨාස කාර්යාලය අසලදී මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර, ඇයගේ තත්ත්වය අසාධ්‍ය බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය හිතාමතා සිදුකළ ප්‍රහාරයක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Advertisement

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, වික්ටෝරියා පොලිසිය සහ ත්‍රස්ත විරෝධී විමර්ශන කණ්ඩායමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව වාර්තා වෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත්, අදාළ Toyota රථය තුළ තිබී පිහියක් සොයාගෙන පොලිස් භාරයට ගත් බවත්ය.

Banner 01

මෙය හිතාමතා සිදුකළ ක්‍රියාවක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කෙරෙනවා. රියදුරු සහ මන්ත්‍රීවරිය එකිනෙකා හඳුනන අයද යන්නත් මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන රථවාහන අනතුරු විමර්ශන ඒකකයේ නිලධාරීන් ද යොමු කර තිබෙනවා.

සිද්ධියට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

වාර්තා වන අන්දමට, මන්ත්‍රීවරිය කාර්යාලය ආසන්නයේ රථගාලක සිටියදී 4×4 වර්ගයේ වාහනයක ගැටී ඇති අතර, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය  Anthony Albanese මෙම සිදුවීම “ප්‍රහාරයක්” ලෙස හඳුන්වා තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

  ඔස්ට්‍රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්‍රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්‍රදේශයේදී අද විවෘත...

ඔස්ට්‍රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්‍රකාශ නොකළ මස් කිලෝග්‍රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...

චීනයෙන් ආනයනය කරන අඩු මිල විදුලි වාහන වැඩිවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමට සහනයක් ලැබීමේ හැකියාවක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම...

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර Royal Children’s Hospital හි හදිසි ප්‍රතිකාර සේවාව පුළුල් කිරීම සඳහා වික්ටෝරියානු රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක්...

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින්...

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්‍රියාත්මක වන දැවැන්ත ගෑස් ව්‍යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Hainesට වික්ටෝරියාවේදී ප්‍රහාරයක්

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Hainesට වික්ටෝරියාවේදී ප්‍රහාරයක්

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය සිය මැතිවරණ කොට්ඨාස කාර්යාලය අසලදී මෙම

Read More »

සංවේදී පරිසර කලාපවල ආරක්ෂාව වෙනුවෙන් Victoria ප්‍රාන්තයෙන් නව පියවරක්

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ

Read More »

නීතිවිරෝධී කසළ බැහැර කිරීමේ පැමිණිලි අතින් වික්ටෝරියාව පෙරමුණේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි

Read More »

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා තරුණ පිරිස ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom