

Australia – EU වෙළඳ ගිවිසුම පිළිබඳව දේශපාලන මතභේදයක්
ඔස්ට්රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ, Liberal Party විසින් ගිවිසුමට විරුද්ධ

ඔස්ට්රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා.
ඒ, Liberal Party විසින් ගිවිසුමට විරුද්ධ බවට තමන් ප්රකාශ කර තිබෙනවා යන Nationals නායක Matt Canavan ගේ ප්රකාශය සම්බන්ධයෙන් Liberal පක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් විරෝධය පළ කිරීමත් සමඟයි.
Matt Canavan පෙන්වා දෙන්නේ, වෙළෙඳ අමාත්ය Don Farrell විසින් සාකච්ඡා අවසන් කළ මෙම ගිවිසුම ඔස්ට්රේලියාවේ දේශගුණික ප්රතිපත්ති සම්බන්ධ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බවයි.

එමෙන්ම, ඔස්ට්රේලියාවේ වානේ කර්මාන්තයට සහ ඇතැම් ගොවීන්ට ද මෙම ගිවිසුමෙන් අවාසි සිදුවිය හැකි බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත්, Liberal Party හි ඇතැම් සෙනෙට් සභිකයන් පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුමට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව පක්ෂය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් Liberal සෙනෙට් සභිකයන් දෙදෙනෙකු පවසා ඇත්තේ, යෝජිත ගිවිසුම දැනට පවතින වෙළෙඳ තත්ත්වයට වඩා වාසිදායක විය හැකි බවයි.
එමෙන්ම, ජාත්යන්තර වෙළෙඳ ගැටුම් පවතින අවස්ථාවක European Union සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ගිවිසුම නැවත සාකච්ඡා කර වෙනස් කළ යුතු බවට ඇතැම් පාර්ශ්ව අදහස් පළ කළත්, වෙළෙඳ අමාත්ය Don Farrell අවධාරණය කරන්නේ සාකච්ඡා අවසන් කර ඇති බැවින් ගිවිසුම නැවත විවෘත කිරීමට ඉඩක් නොමැති බවයි.
මෙම ගිවිසුම මඟින් ඔස්ට්රේලියාවේ beef සහ lamb මස් අපනයනකරුවන්ට යුරෝපා වෙළෙඳපොළට වැඩි ප්රවේශයක් හිමිවීමට නියමිතයි. එමෙන්ම, පලතුරු, එළවළු සහ seafood අපනයන සඳහා ද අවස්ථා පුළුල් කිරීමට යෝජනා වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඇතැම් ගොවි සංවිධාන අපේක්ෂා කළ තරම් වෙළෙඳපොළ ප්රවේශයක් මෙම ගිවිසුමෙන් නොලැබෙන බවට විවේචන ද ඉදිරිපත් කර තිබෙනවා.
Australian Chamber of Commerce and Industry ආයතනය මෙම ගිවිසුමට සහාය පළ කරමින් පෙන්වා දෙන්නේ, එය ඔස්ට්රේලියාවේ ජාතික ආර්ථික අවශ්යතා සඳහා වැදගත් අවස්ථාවක් බවයි.
ඉදිරි පියවර ලෙස, මෙම ගිවිසුම ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුවක් මඟින් සමාලෝචනය කිරීමට නියමිතයි.
ඒ අනුව, Australia–EU Free Trade Agreement සඳහා අවසන් පාර්ලිමේන්තු අනුමැතිය හිමිවේද යන්න ඉදිරියේදී තීරණය වනු ඇති.
වික්ටෝරියා ප්රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම්...
ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව...
Victoria ප්රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති...
ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය...
වික්ටෝරියා ප්රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්රී...
නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...

ඔස්ට්රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ, Liberal Party විසින් ගිවිසුමට විරුද්ධ

Sydney නගරයේ පිහිටි ජනප්රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ පැතිර යාමත් සමඟ ඒ පිළිබඳව මේ වන

ඔස්ට්රේලියාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නවීන Ghost Shark ස්වයංක්රීය සබ්මැරීන සඳහා පුපුරණ ද්රව්ය රැගත් ගුවන් ඩ්රෝන සහ නවීන මුහුදු බෝම්බ භාවිත කිරීමේ

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ ප්රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව සහ කම්පනය පළ කර තිබෙනවා.

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines, Victoria ප්රාන්තයේ Wangaratta ප්රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය සිය මැතිවරණ කොට්ඨාස කාර්යාලය අසලදී මෙම