Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ඇතුළු ප්‍රදේශ රැසකට අධික වැසි, ගිගුරුම් සහිත කුණාටු සහ තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ වාර්තාවට අනුව මෙල්බන් නගරයට මිලිමීටර් 40ක් දක්වා වැසි අපේක්ෂා කරන අතර, මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා මිලිමීටර් 17කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.

මෙම අධික වර්ෂාව හේතුවෙන් මෙල්බන් නගරයේ දකුණු ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයක හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි අතර, ජලයෙන් යටවූ මාර්ගවල රිය ධාවනය නොකරන ලෙසයි ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ.

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසානදිග කඳුකර ප්‍රදේශවල පැයට කිලෝමීටර් 90ක් දක්වා වේගයෙන් සුළං හමා යා හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර, තද සුළං සහ ඉහළ තෘණ පරාග මට්ටම් හේතුවෙන් නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ ගිගුරුම් සහිත කුණාටු ආශ්‍රිත ඇදුම රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

Banner 01

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරයට ද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, Snowy Mountains ප්‍රදේශයට මිලිමීටර් 60ක් දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බ්‍රිස්බන් නගරයට මිලිමීටර් 45ක් දක්වා වැසි ඇතිවිය හැකි බැවින්, කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා...

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ...

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ රියැදුරු බලපත්‍ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්‍රාන්තය නව Digital Driver’s Licence ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...

ඔස්ට්‍රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ...

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් නගරයට මහ වැසි – හදිසි ගංවතුර අවදානමක්

Melbourne ක්‍රීඩිකාව බිඳ දැමූ මැරතන් ලෝක වාර්තාව

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති මැරතන් ධාවන තරඟ ඉසව්වකදී වන

Read More »

ඔස්ට්‍රේලියාවේ ගීත ගායනයට දක්ෂ ඔබට Elephant House – AusLanka TV වෙතින් අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

Read More »

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

Read More »

පැය 24ම විවෘත සිඩ්නි නව ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom