

නොමිලේ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් දෙමාපියන් පාසල් වලට මිලියන ගණන් ගෙවන හැටි
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා දායකත්ව ලෙස ලැබෙන බව නව

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා දායකත්ව ලෙස ලැබෙන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
2024 වසරේ දත්ත අනුව, එක් සිසුවෙකු වෙනුවෙන් දෙමාපියන් සාමාන්යයෙන් ඩොලර් 620ක පමණ දායකත්වයක් ලබාදී ඇති බව සඳහන්.
මෙම මුදල් පාසල්වල ඉගෙනුම් සම්පත්, විනෝද චාරිකා, කඳවුරු සහ අමතර විෂය බාහිර ක්රියාකාරකම් සඳහා යොදාගන්නවා.

කෙසේ වෙතත්, මෙම ගෙවීම් ස්වේච්ඡාවෙන් සිදුකරන දායකත්ව වන අතර, ඒවා ගෙවීම අනිවාර්ය නොවන බව බලධාරීන් අවධාරණය කරනවා.
සමහර පාසල්වල එක් සිසුවෙකු වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් 2,000ත් ඉක්මවන දායකත්ව මුදල් ලබාගෙන ඇති බවත් හෙළි වී තිබෙනවා.
ජීවන වියදම ඉහළ යන පසුබිමක, දරුවන්ගේ අධ්යාපනය සඳහා අමතර මුදල් ගෙවීමට සිදුවීම දෙමාපියන්ට තවත් මූල්ය පීඩනයක් බවට පත්ව ඇති බව අධ්යාපන ක්ෂේත්රයේ පිරිස් පෙන්වා දෙනවා.
මේ අතර, Victoria රජය 2034 වසර වන විට රජයේ පාසල් සඳහා අවශ්ය සම්පූර්ණ අරමුදල් සැපයීමේ ඉලක්කයක් සහිත ඩොලර් බිලියන 13.6ක ගිවිසුමකට ද එකඟ වී තිබෙනවා.
#VictoriaSchools #PublicSchools #SchoolFunding #EducationCosts #CostOfLiving
ඔස්ට්රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්රධානී Michele Bullock පසුගිය මූල්ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26...
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...
ඡන්දය ප්රකාශ කිරීමේදී විශේෂ අවශ්යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්යස්ථාන...
මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාවේ සිදුකළ නව අධ්යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන...
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...
ඔස්ට්රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්රකාශ නොකළ මස් කිලෝග්රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...
ඔස්ට්රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber)...

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා දායකත්ව ලෙස ලැබෙන බව නව

ශ්රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ජාලය පර්ත් අගනුවර, චීනය හා අප්රිකාව දක්වා පුළුල් කිරීමේ අවස්ථා සොයා බලමින් සිටින බව එහි ප්රධාන විධායක නිලධාරී Vipul Misra

ඔස්ට්රේලියාවේ සිදුකළ නව අධ්යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන තිබෙනවා. University of Sydney පර්යේෂකයන්

ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027 මාර්තු 31 වැනිදා සිට WorkSafe

ඔස්ට්රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom අනාවරණයක් සිදු කර තිබෙනවා. TPG