ඔස්ට්රේලියාවේ සිදුකළ නව අධ්යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන තිබෙනවා.
University of Sydney පර්යේෂකයන් විසින් සිදුකළ මෙම අධ්යයනය සඳහා New South Wales, Queensland සහ Western Australia ප්රාන්තවල ද්විතීයික පාසල් 71ක යෞවනයන් 6,537 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.
වසර තුනක කාලයක් පුරා ඔවුන්ගේ ආහාර පුරුදු සහ මානසික සෞඛ්ය තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම මෙහිදී සිදුකර ඇති අතර, අධ්යයනය ආරම්භයේදී මානසික අවපීඩනය හෝ කාංසාවේ ඉහළ රෝග ලක්ෂණ නොතිබූ පිරිසක් ඒ සඳහා යොදාගෙන තිබෙනවා.
දිනකට අමතර පලතුරු කොටසක් ආහාරයට ගැනීම, පසුව මානසික අවපීඩන ලක්ෂණ ඇතිවීමේ අවදානම 13%කින් සහ කාංසාවේ ලක්ෂණ ඇතිවීමේ අවදානම 7%කින් අඩු වීම සමඟ සම්බන්ධ වී ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
එසේම, සීනි අධික සිසිල් බීම සහ වෙනත් පැණි බීම වැඩිපුර පානය කිරීම මානසික අවපීඩනය හා කාංසාවේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බවත් අධ්යයනයෙන් අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, පලතුරු ආහාරයට ගැනීමෙන් පමණක් මානසික සෞඛ්ය ගැටලු වළක්වා ගත හැකි බව මෙම අධ්යයනයෙන් තහවුරු කර නැහැ. ඒ වෙනුවට, ආහාර පුරුදු සහ යෞවනයන්ගේ මානසික සෞඛ්යය අතර පවතින සම්බන්ධය පිළිබඳව මෙයින් තවදුරටත් අවධානය යොමු කර තිබෙනවා.
#AustralianResearch #MentalHealth #YouthMentalHealth #TeenMentalHealth #HealthyEating #FruitIntake