Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ බදු වාර්තා තමන් විසින්ම සකස් කර ඉදිරිපත් කරන පුද්ගලයන් සඳහා අවසන් දිනය 2026 නොවැම්බර් 2 වන සඳුදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

සාමාන්‍ය අවසන් දිනය වන ඔක්තෝබර් 31 සෙනසුරාදාට යෙදීම ඊට හේතුවයි.

Advertisement

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා නියමිත දිනට ඉදිරිපත් නොකළහොත්, ප්‍රමාද වන කාලය අනුව දඩ මුදල ඉහළ යා හැකියි.

දින 1ත් 28ත් අතර කාලයක් ප්‍රමාද වුවහොත් ඔස්ට්‍රේලියානු ඩොලර් 364ක දඩයක් පැනවිය හැකි අතර, දින 29ත් 56ත් අතර ප්‍රමාද වුවහොත් එම මුදල ඩොලර් 728ක් දක්වා ඉහළ යනවා.

Banner 01

එමෙන්ම, දින 57ත් 84ත් අතර කාලයක් ප්‍රමාද වුවහොත් ඩොලර් 1,092ක දඩයක්ද, දින 85ත් 112ත් අතර කාලයක් ප්‍රමාද වුවහොත් ඩොලර් 1,456ක දඩයක්ද පැනවිය හැකියි.

දින 113ක් හෝ ඊට වැඩි කාලයක් බදු වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද කළහොත් උපරිම ඔස්ට්‍රේලියානු ඩොලර් 1,820ක දඩයකට යටත් විය හැකියි.

කෙසේ වෙතත්, දඩයක් පැනවීම අදාළ තත්ත්වයන් මත තීරණය වන අතර, වැඩිදුර තොරතුරු ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

මේ අතර, ඔක්තෝබර් 19 වනදා වන විට බදු වාර්තා මිලියන 9ක් පමණ ලැබී තිබුණත්, තවත් මිලියන 2ක් පමණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ප්‍රමාද වන සෑම අයෙකුටම ස්වයංක්‍රීයව දඩයක් පනවන්නේ නැහැ.

බදු වාර්තා ඉදිරිපත් කිරීමේ පෙර ඉතිහාසය සහ පුද්ගලයාගේ තත්ත්වය අනුව බදු කාර්යාලය තීරණ ගත හැකියි.

ලියාපදිංචි බදු නියෝජිතයෙකු හරහා වාර්තාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය ඔක්තෝබර් 31 වනදාට පෙර එම නියෝජිතයාගේ සේවාව සඳහා ලියාපදිංචි වීම වැදගත්.

බදු වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද නොකර නියමිත කාලය තුළ කටයුතු කරන ලෙස බලධාරීන් උපදෙස් දෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ...

සාමාන්‍යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්‍රේලියාවේ...

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී...

ඔස්ට්‍රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්‍රතිඵල Canstar ආයතනය...

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බදු වාර්තා ප්‍රමාද කළොත් $ 1,820ක් දක්වා දඩ

බදු වාර්තා ප්‍රමාද කළොත් $ 1,820ක් දක්වා දඩ

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 2025–2026 මූල්‍ය වර්ෂයට

Read More »

පෙට්‍රල් ගසා සල්ලි දෙන්න අමතක වූ වික්ටෝරියා අගමැති

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්‍රියේ මෙල්බන්හි Niddrie ප්‍රදේශය ආසන්නයේ

Read More »

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමේ සැලසුමට දැඩි විරෝධයක්

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA),

Read More »

විවිධ සංස්කෘතිවලින් පැමිණි පවුල් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී

Read More »

ඔස්ට්‍රේලියානු හමුදාවට විදේශීය උපාධිධාරීන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක්

 ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom