Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

ඒ අනුව 2027 වසරේ මුල් භාගයේ සිට Coles වෙළෙඳසැල්වල තෝරාගත් නිෂ්පාදන සඳහා දම් පැහැති MTick සංකේතයක් ප්‍රදර්ශනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

GenM Collective ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයට හඳුන්වාදෙන මෙවැනි ආකාරයේ පළමු වැඩපිළිවෙළයි.

Advertisement

වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් මිලියන 4.5ක් පමණ ආර්තවහරණය ආශ්‍රිත අවධීන් හරහා ගමන් කරන අතර, ඔවුන්ට ඇතිවන නින්දේ ගැටලු, සමේ වෙනස්කම්, ඇස් වියළීම සහ අවධානය යොමුකිරීමේ අපහසුතා වැනි තත්ත්වයන්ට අදාළ නිෂ්පාදන හඳුනාගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම සංකේතය සමේ ආරක්ෂණ නිෂ්පාදන, පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන, විටමින් සහ වෙනත් සෞඛ්‍ය ආශ්‍රිත භාණ්ඩ සඳහා භාවිත කිරීමට නියමිත අතර, එම නිෂ්පාදන GenM ආයතනයේ සහතික කිරීමේ නිර්ණායක සපුරාලිය යුතුයි.

Banner 01

කෙසේ වෙතත්, MTick සංකේතය සහිත සෑම නිෂ්පාදනයක්ම ආර්තවහරණය ආශ්‍රිත රෝග ලක්ෂණ අඩුකරන බව සායනිකව සනාථ වී ඇති බවක් ඉන් අදහස් නොවන අතර, එය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ද නොවන බව සඳහන්.

Coles සමාගම පවසන්නේ කාන්තාවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමත්, සුදුසු නිෂ්පාදන වෙළෙඳසැල්වලින් සහ අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව සැලසීමත් මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු බවයි.

නව MTick ක්‍රමවේදය 2027 මුල් භාගයේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇති නමුත්, එය ක්‍රියාත්මක වන නිශ්චිත දිනය සහ සියලුම නිෂ්පාදන පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිරදඬුවම් විඳින කාන්තාවකට අනාගතයේදී දරුවන් බිහිකිරීමේ හැකියාව ආරක්ෂා කරගැනීම සඳහා තම ඩිම්බ ශීතකර සුරක්ෂිත කරගැනීමට අදාළ අයදුම්පතක් ඉදිරිපත්...

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර Royal Children’s Hospital හි හදිසි ප්‍රතිකාර සේවාව පුළුල් කිරීම සඳහා වික්ටෝරියානු රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක්...

ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ...

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, One Nation පක්ෂය යෝජනා කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දැඩි ලෙස...

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Coles එකෙන් කාන්තාවන්ට විශේෂ පහසුකමක්

පුංචි දියණියක් තනිකර ඔස්ට්‍රේලියානු නිරූපිකාව දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය

Read More »

Coles එකෙන් කාන්තාවන්ට විශේෂ පහසුකමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බේරා ගන්න පිහිය උදුරාගෙන විසි කළ වීර කොණ්ඩ සැකසුම් ශිල්පියා

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber) සිය අත්දැකීම මාධ්‍ය වෙත විස්තර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආගමික පාසල්වලට නව නීති

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා. ඒ අනුව පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව

Read More »

වික්ටෝරියාවේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham,

Read More »

Helen Hainesට පාදයක් අහිමි වෙයි – අනෙක් පාදය බේරාගැනීමටත් දැඩි උත්සාහයක්

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය ඊයේ පස්වරුවේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom