

වික්ටෝරියාවේ ප්රදේශ රැසකට දරුණු කුණාටු අනතුරු ඇඟවීමක්
වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham,

ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා.
65 හැවිරිදි මන්ත්රීවරිය ඊයේ පස්වරුවේ වික්ටෝරියා ප්රාන්තයේ Wangaratta නගරයේ පිහිටි සිය කාර්යාලය ඉදිරිපිටදී මෙම ප්රහාරයට ලක්ව ඇති අතර, බරපතළ තුවාල හේතුවෙන් මෙල්බන්හි The Alfred රෝහල වෙත රැගෙන ගොස් හදිසි ශල්යකර්මයකට භාජනය කර තිබෙනවා.
වෛද්යවරුන්ට ඇයගේ එක් පාදයක් ශල්යකර්මයකින් ඉවත් කිරීමට සිදුව ඇති අතර, අනෙක් පාදය බේරාගැනීම සඳහාද දැඩි උත්සාහයක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෝටර්රථයක් මන්ත්රීවරිය අසලින් ගමන් කර නැවත හරවාගෙන පැමිණ ඇයගේ සිරුරේ ගැටී ඇති අතර, පසුව රථය පසුපසට ගෙන නැවතත් ඇය වෙත ධාවනය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් Brendan Nugent නමැති 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ත්රස්ත මර්දන විමර්ශන අංශ ඇතුළු ආරක්ෂක ආයතන පරීක්ෂණ සඳහා සම්බන්ධ වී තිබෙනවා.
අගමැති Anthony Albanese ද මෙම සිද්ධිය හිතාමතා සිදුකළ ක්රියාවක් බවට මූලික විමර්ශනවලින් පෙනී යන බව ප්රකාශ කර ඇති අතර, ප්රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.
මේ අතර, මන්ත්රීවරිය තවදුරටත් බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයක රෝහල්ගතව ප්රතිකාර ලබන බව වාර්තා වන අතර, ඇයගේ සුවය වෙනුවෙන් ඔස්ට්රේලියාව පුරා සහයෝගය පළවෙමින් පවතිනවා.
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...
ඡන්දය ප්රකාශ කිරීමේදී විශේෂ අවශ්යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්යස්ථාන...
ඔස්ට්රේලියාවේ ජීවත් වන සංක්රමණික සහ සරණාගත කාන්තාවන් 350,000කට ආසන්න පිරිසක් තමන් සතු අධ්යාපනික සුදුසුකම් සහ වෘත්තීය කුසලතාවලට වඩා පහළ මට්ටමේ...
ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...
Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්යාපෘතිය වන Central...
ඔස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්රමණ සංඛ්යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක...
Melbourne නගරයේ මධ්යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක්...
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා....

වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham,

ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය ඊයේ පස්වරුවේ

මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්රවාහන ප්රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම්වල ප්රධාන අරමුණ වන්නේ පොදු

ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා Brendan

ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ