Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා.

පසුගිය සඳුදා රාත්‍රියේ මෙල්බන්හි Niddrie ප්‍රදේශය ආසන්නයේ ඉන්ධන පිරවුම්හලකින් සිය පෞද්ගලික මෝටර් රථයට ඉන්ධන ලබාගත් ඔහු, ඒ සඳහා මුදල් නොගෙවා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එය අමතක වීමකින් සිදුවූ දෙයක් බවත්, පසුදින ඒ පිළිබඳ දැනගත් වහාම අදාළ මුදල ගෙවා අවසන් කළ බවත් ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

ඊයේ රාත්‍රියේ වික්ටෝරියා පොලිසිය පාර්ලිමේන්තු සේවා දෙපාර්තමේන්තුව හරහා ඔහු සම්බන්ධ කරගෙන සිද්ධිය පිළිබඳ විමසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වික්ටෝරියා පොලිස් ප්‍රධානී Mike Bush සඳහන් කර ඇත්තේ ඉන්ධන සඳහා මුදල් ගෙවීමට අමතක වීම සාමාන්‍යයෙන් සිවිල් කාරණයක් ලෙස සැලකෙන අතර, හිතාමතා වංචාවක් සිදුකළ බවට සාක්ෂි ඇත්නම් පමණක් අපරාධමය ක්‍රියාමාර්ග සලකා බැලෙන බවයි.

Banner 01

අදාළ මුදල ගෙවා අවසන් කර ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා නොකරන බව ද වාර්තා වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ...

මෙල්බන් නගරයේ පිහිටි ප්‍රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන...

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

2026 ජනවාරි මාසයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් බලපෑමට ලක්වූ සුදුසුකම් ලබන පිරිස් සඳහා රජයේ ආපදා සහන දීමනාව ඉල්ලීමට ලබාදී ඇති කාලය...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ නිකුත් වූ දුර්වල දත්ත හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මාස තුනක අවම මට්ටමකට පහත වැටී ඇති අතර,...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වලදී දරුවන් වාහනය තුළ තනිවම තබා මුදල් ගෙවීමට යාමෙන් රියදුරන්ට ඩොලර් 36,000ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෙට්‍රල් ගසා සල්ලි දෙන්න අමතක වූ වික්ටෝරියා අගමැති

පෙට්‍රල් ගසා සල්ලි දෙන්න අමතක වූ වික්ටෝරියා අගමැති

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්‍රියේ මෙල්බන්හි Niddrie ප්‍රදේශය ආසන්නයේ

Read More »

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමේ සැලසුමට දැඩි විරෝධයක්

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA),

Read More »

විවිධ සංස්කෘතිවලින් පැමිණි පවුල් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී

Read More »

ඔස්ට්‍රේලියානු හමුදාවට විදේශීය උපාධිධාරීන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක්

 ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ

Read More »

පුංචි දියණියක් තනිකර ඔස්ට්‍රේලියානු නිරූපිකාව දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom