Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

වික්ටෝරියාවේ Tarrawingee ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට බරපතළ තුවාල සිදුකරන ආකාරයෙන් අනතුරුදායක ලෙස රිය පැදවීම, හිතාමතා බරපතළ තුවාල සිදුකිරීම සහ ෆෙඩරල් රාජ්‍ය නිලධාරියෙකුට හානි කිරීම ඇතුළු චෝදනා තුනක් එල්ල වී තිබෙනවා.

පසුගිය සඳුදා Wangarattaහි පිහිටි මන්ත්‍රීවරියගේ කාර්යාලය ඉදිරිපිටදී අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබූ 65 හැවිරිදි මන්ත්‍රීවරියගේ එක් පාදයක් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

Advertisement

ඇය මේ වනවිටත් රෝහල්ගතව අසාධ්‍ය නමුත් ස්ථාවර තත්ත්වයක පසුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඔහු Idiopathic Transverse Myelitis නමැති දුර්ලභ ස්නායු රෝගී තත්ත්වයකින් පෙළෙන අතර, මොළයට සිදුවූ කම්පන තත්ත්වයකින්ද පීඩා විඳින බවයි.

Banner 01

සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස මහේස්ත්‍රාත් Allison Vaughan නියෝග කර ඇති අතර, ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වී නැහැ.

සිද්ධියට අදාළ පොලිස් සාක්ෂි ගොනුව දෙසැම්බර් 24 වැනිදා වනවිට සකස් කිරීමට නියමිත අතර, නඩුව ලබන පෙබරවාරි 4 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර්...

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති...

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්‍රාන්තයේ කෙසෙල් වගා කරන ප්‍රදේශවල පැවති අසාමාන්‍ය...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර...

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber)...

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමේ සැලසුමට දැඩි විරෝධයක්

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA),

Read More »

විවිධ සංස්කෘතිවලින් පැමිණි පවුල් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී

Read More »

ඔස්ට්‍රේලියානු හමුදාවට විදේශීය උපාධිධාරීන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක්

 ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ

Read More »

පුංචි දියණියක් තනිකර ඔස්ට්‍රේලියානු නිරූපිකාව දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය

Read More »

Coles එකෙන් කාන්තාවන්ට විශේෂ පහසුකමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom