Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement
 ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ මෑතකදී උපාධි ලබාගත් තරුණයන්ට ලබන නොවැම්බර් 16 වැනිදා සිට ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 65ක වියදමින් ක්‍රියාත්මක වන මෙම නියමු වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක තුළ තරුණයන් 100 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෙම අවස්ථාව මුල් අදියරේදී වයස අවුරුදු 18ත් 25ත් අතර, තෝරාගත් විශ්වවිද්‍යාල දෙකක සිසුන්ට සහ මෑතකදී උපාධි ලබාගත් පුද්ගලයන්ට සීමා වන අතර, ආරක්ෂක පරීක්ෂණ ඇතුළු සුදුසුකම් සපුරාලීම අනිවාර්යයි.

Advertisement

තෝරාගන්නා පුද්ගලයන්ට මුලින් තාවකාලික වීසා යටතේ සේවයට එක්විය හැකි නමුත්, දිගටම සේවය කිරීම සඳහා පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමට සිදුවනවා.

පළමු කණ්ඩායම 2027 වසරේ අග භාගයේදී හමුදා සේවයට එක්කර ගැනීමට අපේක්ෂා කරන අතර, දෙරට අතර ක්‍රියාත්මක Pukpuk ආරක්ෂක ගිවිසුම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

Banner 01

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Richard Marles පවසන්නේ මෙම වැඩපිළිවෙළ දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම ඉදිරියේදී හමුදා බඳවා ගැනීම් පුළුල් කිරීමටද උපකාරී වනු ඇති බවයි.

 

මූලාශ්‍රය: ABC News – 20 October 2026

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක...

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

  ඔස්ට්‍රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්‍රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්‍රදේශයේදී අද විවෘත...

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු හමුදාවට විදේශීය උපාධිධාරීන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියානු හමුදාවට විදේශීය උපාධිධාරීන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක්

 ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ

Read More »

පුංචි දියණියක් තනිකර ඔස්ට්‍රේලියානු නිරූපිකාව දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය

Read More »

Coles එකෙන් කාන්තාවන්ට විශේෂ පහසුකමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බේරා ගන්න පිහිය උදුරාගෙන විසි කළ වීර කොණ්ඩ සැකසුම් ශිල්පියා

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber) සිය අත්දැකීම මාධ්‍ය වෙත විස්තර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආගමික පාසල්වලට නව නීති

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා. ඒ අනුව පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව

Read More »

වික්ටෝරියාවේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom