බලු පැටියෙකු නිවසට ගෙන ඒමෙන් පසු සති 8ක වැටුප් සහිත Maternity Leave ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ වනවිට ඔස්ට්රේලියාවේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
ඇමරිකානු කාන්තාවක වන ඇය, සති අටක් වයසැති Golden Retriever බලු පැටියෙකු රැකබලා ගැනීම සඳහා මෙම නිවාඩුව ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
රාත්රියේදී පැය දෙකකට වරක් අවදි වීමට සිදුවන බවත්, අලුත් මවක මුහුණ දෙන අභියෝගවලට සමාන තත්ත්වයකට තමන් මුහුණ දෙන බවත් ඇය සිය ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා.
එහෙත් Maternity Leave යනු දරුවෙකු බිහි කරන සේවිකාවන් සඳහා වන නිවාඩුවක් බව පවසමින් ඇයගේ ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට සේවායෝජකයා කටයුතු කර තිබෙනවා.
ඊට ප්රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ තම ඉල්ලීම ප්රතික්ෂේප කළහොත් කාන්තාවන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.
මෙම සිදුවීම පිළිබඳව ගුවන්විදුලි වැඩසටහනකදී ද අදහස් පළවී ඇති අතර, ඇතැමුන් ඇයගේ ඉල්ලීම අසාධාරණ බව පවසද්දී තවත් පිරිසක් සුරතල් සතුන් රැකබලා ගැනීම සඳහා සීමිත නිවාඩුවක් ලබාදීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.
මේ අතර, සුරතල් සතුන් නිවසට ගෙන ඒම හෝ සුරතල් සතෙකු මියයාම වැනි අවස්ථාවලදී විශේෂ නිවාඩු ලබාදෙන සමාගම් ද ඇතැම් රටවල ක්රියාත්මක වන බැවින්, සේවා ස්ථානවල මෙවැනි පහසුකම් පිළිබඳ සංවාදය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.