ඔස්ට්රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom අනාවරණයක් සිදු කර තිබෙනවා.
TPG සමාගම පවසන්නේ 2025 ජූලි මාසයේ සිට 2026 ජූලි මාසය දක්වා වසරක කාලයක් තුළ Vodafone ජාලයට ලැබුණු වංචා ඇමතුම් පරීක්ෂා කිරීමේදී, ඒවායින් 98%ක් පමණ Symbio සමාගමේ ජාලය හරහා පැමිණ ඇති බවයි.
Symbio සමාගම අයත් වන්නේ ඔස්ට්රේලියාවේ දුරකථන හා අන්තර්ජාල සේවා සපයන Aussie Broadband සමාගමටයි.
මෙම ඇමතුම්වලින් ඇතැම් ඒවා පොලිසිය සහ Australian Federal Police ආයතනය නියෝජනය කරන බව පවසමින් ජනතාව රැවටීමට උත්සාහ කළ වංචා බවත් TPG පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, Aussie Broadband සමාගම පවසන්නේ වංචාකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ක්රියාකාරකම් නතර කිරීම අභියෝගාත්මක බවත්, එම ගැටලුව අවම කිරීම සඳහා TPG සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත්ය.
මේ අතර, ඔස්ට්රේලියානු සන්නිවේදන හා මාධ්ය අධිකාරිය සඳහන් කරන්නේ අදාළ වංචා ඇමතුම් පිළිබඳව කළ පරීක්ෂාවේදී ඕස්ට්රේලියානු දුරකථන සමාගමක් නීති උල්ලංඝනය කර ඇති බවට තහවුරු නොවූ බවයි.
එබැවින්, නොහඳුනන ඇමතුම්වලට ප්රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වන ලෙසත්, දුරකථනයෙන් පුද්ගලික තොරතුරු, බැංකු විස්තර හෝ ආරක්ෂක කේත ලබා නොදෙන ලෙසත් දුරකථන භාවිත කරන්නන්ට උපදෙස් දෙනවා.
#ScamCalls #PhoneScams #ScamAlert #StaySafeAustralia #FraudPrevention #TPGTelecom