Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්‍ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට නව ශිෂ්‍ය වීසා අයදුම්පතක් ඉදිරිපත් කරන සිසුන්ට, කලින් අයදුම්පතට ඇතුළත් කර තිබූ පවුලේ සාමාජිකයන් (Dependents) ද නව අයදුම්පතට ඇතුළත් කිරීමට අවස්ථාව හිමිවිය හැකියි.

එහෙත් සියලුම සිසුන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙම අවස්ථාව ස්වයංක්‍රීයව හිමිවන්නේ නැහැ.

විශේෂයෙන්ම, අධ්‍යයන කටයුතු අවසන් කිරීමට තවත් මාස 12ක් දක්වා කාලයක් අවශ්‍ය වීම හෝ අධ්‍යාපන ආයතනය පාඨමාලාව පවත්වාගෙන යාමට නොහැකි වීම වැනි අවස්ථාවලදී මෙම සහනය අදාළ විය හැකියි.

Advertisement

මෙය ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද වැදගත් වෙනසක් වන අතර, අදාළ කොන්දේසි සහ සුදුසුකම් සපුරාලීම අනිවාර්යයි.

ඒ අනුව, නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමට පෙර DHA නිල මාර්ගෝපදේශය පරීක්ෂා කර ගැනීම වැදගත් වනවා.

Banner 01

2026 ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක වූ නව නීති අනුව, බොහෝ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට ඕස්ට්‍රේලියාව තුළ සිට නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී සීමාවන් පනවා තිබෙනවා.

කෙසේ වෙතත්, දැනට පවතින ශිෂ්‍ය වීසා අයදුම්පතට ඇතුළත් කර සිටින පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇතැම් විශේෂ සහන ක්‍රියාත්මක වනවා.

ප්‍රධාන පාඨමාලාව අවසන් කිරීමට තවත් මාස 12ක් දක්වා කාලයක් අවශ්‍ය වීම හෝ අධ්‍යාපන ආයතනය වසා දැමීම වැනි හේතුවක් නිසා නව ශිෂ්‍ය වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවන අවස්ථාවලදී, අදාළ කොන්දේසි සපුරන්නේ නම් කලින් වීසා බලපත්‍රයට ඇතුළත් කර සිටි පවුලේ සාමාජිකයන් ද නව අයදුම්පතට ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා.

මෙම සහනය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතරතුර වීසා කාලය දීර්ඝ කරගැනීමට අවශ්‍ය වන සිසුන්ට සහ අධ්‍යාපන ආයතනයේ ගැටලු හේතුවෙන් පාඨමාලාව වෙනස් කිරීමට සිදුවන සිසුන්ට වැදගත් විය හැකියි.

අදාළ වීසා කාණ්ඩය, අයදුම් කරන ස්ථානය සහ දෙපාර්තමේන්තුවේ සුදුසුකම් නිර්ණායක අනුව එක් එක් අයදුම්පත සලකා බැලෙනවා.

එබැවින් නව වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට හෝ ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට පෙර තම වීසා තත්ත්වය සහ අදාළ කොන්දේසි පිළිබඳව නිසි උපදෙස් ලබාගැනීම වැදගත් වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බදු ක්‍රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්‍යාපාරික Adrian Portelli අදහස් පළ කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා...

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 91.8%ක් උපාධිය සම්පූර්ණ කර වසර තුනකට පසු පූර්ණකාලීන රැකියාවල නිරතව සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට සුබ ආරංචියක් – Dependent වීසා සම්බන්ධයෙන් නව සහනයක්

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

Read More »

වසර 30ක් Freezer එකක සැඟවී තිබූ අයිස්ක්‍රීම් එකක් වික්ටෝරියාවෙන් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

Read More »

වනුවාටු දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් – ඔස්ට්‍රේලියාවටත් බලපායි ද ?

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් සටහන් වී

Read More »

ජනතාව කියන දේ අනුව ප්‍රතිපත්ති හදන්න Pauline Hanson සූදානම්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

Read More »

ඔස්ට්‍රේලියාවේ දරුවන් කතා කරන භාෂා ගැන අලුත් දත්ත

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

Read More »

සුපිරි වෙළඳසැල් ජාලයකින් අලවි කළ ජනප්‍රිය කිරි නිෂ්පාදනයක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom