Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු රැසක් අනාවරණය වී තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett ප්‍රකාශ කළේ නවසීලන්ත පොලිසිය සමඟ එක්ව කොලොම්බියාවේ Bogotá අගනුවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මර්දන විමර්ශන කණ්ඩායමක් පිහිටුවන බවයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනය සහ කොලොම්බියාවේ El Tiempo පුවත්පත එක්ව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කොලොම්බියානු ජාතික පොලිසියේ ප්‍රධාන විමර්ශන අංශ දෙකකට මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත මෙහෙයුම් ගිවිසුම් පිළිබඳ තොරතුරු නොමැති බවයි.

Advertisement

එම පොලිස් අංශ සඳහන් කර ඇත්තේ අදාළ වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු පොලිසිය සමඟ මත්ද්‍රව්‍ය සම්බන්ධ බුද්ධි තොරතුරු හුවමාරු කර නොමැති අතර, ඒකාබද්ධ මත්ද්‍රව්‍ය වැටලීම් හෝ අත්අඩංගුවට ගැනීම් කිසිවක් සිදුකර නොමැති බවයි.

මේ අතර, මෙම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම මෙතෙක් මෙහෙයුම් ආරම්භ කර නොමැති නමුත් කොලොම්බියානු බලධාරීන් සමඟ සහයෝගිතා ගිවිසුම් ඇතිකරගෙන තිබෙන බවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කර ඇත්තේ.

Banner 01

මෙම වැඩසටහන සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණය සහ මෙහෙයුම් සැලසුම් පිළිබඳ ලේඛන 60ක් හෙළිදරව් කිරීම ද ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධ හේතු දක්වමින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වසරේ ජනවාරි මාසයේ සිට පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව තිබූ කොකේන් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ටොන් 17ක් ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය පොලිස් මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි කොමසාරිස් Krissy Barrett ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත් එම මත්ද්‍රව්‍ය වැටලීම් අලුතින් ප්‍රකාශයට පත්කළ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම විසින් සිදුකළ මෙහෙයුම් නොවන බව ද අනාවරණය වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉහළ තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා. ඒ, Canberra හි පිහිටි University of Canberra...

පියයුරු පිළිකාවක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කාන්තාවන්ට කෘත්‍රිම බාහිර පියයුරු මිලදී ගැනීම සඳහා වැයවන මුදලින් කොටසක් නැවත ලබාගැනීමට ඔස්ට්‍රේලියානු රජය...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය 2027 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට National Geographic විසින් නම් කර තිබෙනවා. ලොව පුරා...

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් 350,000කට ආසන්න පිරිසක් තමන් සතු අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය කුසලතාවලට වඩා පහළ මට්ටමේ...

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත...

ඔස්ට්‍රේලියාවේ රියැදුරු බලපත්‍ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්‍රාන්තය නව Digital Driver’s Licence ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...

One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්‍රමණික සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AFP කොලොම්බියාවේ ආරම්භ කළ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන ගැන බරපතළ හෙළිදරව්වක්

AFP කොලොම්බියාවේ ආරම්භ කළ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන ගැන බරපතළ හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය

Read More »

ලැව්ගිනි නිසා ඔස්ට්‍රේලියාවට වසරකට $ බිලියන ගණනක පාඩුවක්?

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 6ක පමණ අලාභයක් සිදුවිය හැකි බව නව පුරෝකථන වාර්තාවක් පෙන්වා දෙනවා. දේශගුණික

Read More »

නොමිලේ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් දෙමාපියන් පාසල් වලට මිලියන ගණන් ගෙවන හැටි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා දායකත්ව ලෙස ලැබෙන බව නව

Read More »

Sri Lankan ගුවන් සේවය පර්ත් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් අරඹන්න යයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ජාලය පර්ත් අගනුවර, චීනය හා අප්‍රිකාව දක්වා පුළුල් කිරීමේ අවස්ථා සොයා බලමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී Vipul Misra

Read More »

පලතුරු සහ මානසික සෞඛ්‍යය අතර සම්බන්ධයක් ගැන ඔස්ට්‍රේලියාවෙන් නව සොයාගැනීමක්

ඔස්ට්‍රේලියාවේ සිදුකළ නව අධ්‍යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන තිබෙනවා. University of Sydney පර්යේෂකයන්

Read More »

රටවල් රැසක රජයේ වෙබ් අඩවි අක්‍රිය වෙයි – ඔස්ට්‍රේලියාවත් බලපෑමට ලක්වෙයි

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom