Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 සිට 2025 දක්වා කාලය තුළ ලියාපදිංචි පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2,000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව ප්‍රාන්ත රජය නිවේදනය කර තිබෙනවා.

ඊයේ නිකුත් කළ 2025 Teacher Workforce Snapshot වාර්තාවට අනුව, 2031 වසර වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සහ පෙරපාසල්වල ඉගැන්වීමට සූදානම්ව සිටිය හැකි ගුරුවරුන්ගේ සංඛ්‍යාව 127,000 ඉක්මවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

එමෙන්ම, 2025 වසරට සාපේක්ෂව 2031 වනවිට ගුරු සේවයට ලබාගත හැකි ගුරුවරුන්ගේ සංඛ්‍යාව 15,700කින් පමණ ඉහළ යා හැකි බවද එම වාර්තාවෙන් පුරෝකථනය කර තිබෙනවා.

Advertisement

විශේෂයෙන් මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ණ ලියාපදිංචිය සහිත ගුරුවරුන්ගේ සංඛ්‍යාව වසරක් තුළ සියයට 12කින් ඉහළ ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසන්නේ 2020 වසරේ සිට ගුරු සේවයේ වර්ධනය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.9කට අධික මුදලක් ආයෝජනය කර ඇති අතර, 2027 වසරේදී Career Start වැඩසටහන යටතේ තවත් නවක ගුරුවරුන් 2,500කට සහාය ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

Banner 01

එමෙන්ම, ගුරු හිඟයක් පවතින ප්‍රාදේශීය පාසල් සඳහා ගුරුවරුන් ආකර්ෂණය කරගැනීමට වැටුප් සහිත පුහුණු අවස්ථා, රැකියාව සමඟ අධ්‍යාපන උපාධි හැදෑරීමේ වැඩසටහන් සහ විශේෂ දිරිගැන්වීම් ක්‍රියාත්මක කිරීමට ද රජය අවධානය යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සිසුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බැවින්, අනාගතයේදී අවශ්‍ය ප්‍රදේශවලට ප්‍රමාණවත් ගුරුවරුන් ලබාදීම තවදුරටත් අභියෝගයක් වනු ඇති බව ද රජය පිළිගෙන තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක...

සිඩ්නි නුවර ජනප්‍රිය ඇවිදීමේ මංතීරු ආශ්‍රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු...

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්...

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී...

ඔස්ට්‍රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්‍රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් රැකියාවල නිරත පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර හිමියන් පවා ණය ගැටලුවලට මුහුණ දෙන බව නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ගුරුවරුන් වැඩිවෙයි

සිඩ්නි නව ගුවන් තොටුපළ ඉරිදා විවෘත වෙයි – පැය 24ම ගුවන් ගමන්

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

Read More »

ඔස්ට්‍රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Read More »

Box Hill කැළඹූ ඛේදවාචකය – කාන්තාවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

Read More »

ඔස්ට්‍රේලියානු ධජය රැගෙන පළමු වරට අභ්‍යවකාශයට යන්න සූදානමක්

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

වික්ටෝරියා පොලිසියේ ලොකු වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරන විශේෂ වෛද්‍ය උපකරණ

Read More »

දෙපා අහිමි වූ මන්ත්‍රීවරිය ගැන රහසිගත දේශපාලන ලේඛනයක් – අගමැති ඇල්බනීසිට දැඩි විවේචන

වික්ටෝරියා ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කාර්යාලය මාධ්‍යවේදීන්ට ලබාදුන් ලේඛනයක් හේතුවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom