Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වසරේ ප්‍රධාන විභාගවලට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා AI ඇතුළු නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දී තිබෙනවා.

විභාග සඳහා ඉතිරිව ඇති කාලය සීමිත වීමත් සමඟ සිසුන්ගේ මතක ශක්තිය, අවධානය සහ අධ්‍යයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගුරුවරුන් විවිධ ක්‍රම අනුගමනය කරමින් සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Lutheran Collegeහි ගුරුවරුන් සිසුන්ගේ විභාග ආතතිය අඩු කිරීම සඳහා ප්‍රශ්න පත්‍ර සමඟ sweets සහ දිරිගන්වන පණිවිඩ ලබාදීම වැනි සරල ක්‍රම අත්හදා බලමින් සිටිනවා.

Advertisement

මේ අතර, වසර 27ක ගුරු අත්දැකීම් ඇති Jason Keet විසින් නිර්මාණය කරන ලද Captivate Exams software එක මගින් පෙර විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් සිසුන්ගේ දුර්වල විෂය ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට අවස්ථාව ලබාදෙනවා.

මෙම software එක භාවිත කිරීමෙන් ඇතැම් සිසුන්ගේ විභාග ලකුණු සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි එහි නිර්මාතෘවරයා පවසන්නේ.

Banner 01

එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ AI තාක්ෂණය භාවිත කරන All’s Grader software එක හරහා සිසුන්ට තමන් පුහුණුව සඳහා පිළිතුරු සපයන ප්‍රශ්න පත්‍ර ක්ෂණිකව ඇගයීමට ලක්කර වැරදි හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ අතර විභාග සමයේදී බිත්තර, මාළු, පෝෂ්‍යදායී මස් වර්ග, ඇට වර්ග සහ බීජ වැනි ආහාර ඇතුළත් සමබර ආහාර වේලක් ගැනීම මතක ශක්තිය, අවධානය සහ ශාරීරික ශක්තිය පවත්වාගැනීමට උපකාරී විය හැකි බව ද පෝෂණ විශේෂඥයන් පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර Royal Children’s Hospital හි හදිසි ප්‍රතිකාර සේවාව පුළුල් කිරීම සඳහා වික්ටෝරියානු රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක්...

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන...

Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්‍රියාත්මක වන දැවැන්ත ගෑස් ව්‍යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත...

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විභාගවලට සූදානම් වන සිසුන්ට AIවලින් අලුත් සහයක්

සිඩ්නි නව ගුවන් තොටුපළ ඉරිදා විවෘත වෙයි – පැය 24ම ගුවන් ගමන්

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

Read More »

ඔස්ට්‍රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Read More »

Box Hill කැළඹූ ඛේදවාචකය – කාන්තාවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

Read More »

ඔස්ට්‍රේලියානු ධජය රැගෙන පළමු වරට අභ්‍යවකාශයට යන්න සූදානමක්

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

වික්ටෝරියා පොලිසියේ ලොකු වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරන විශේෂ වෛද්‍ය උපකරණ

Read More »

දෙපා අහිමි වූ මන්ත්‍රීවරිය ගැන රහසිගත දේශපාලන ලේඛනයක් – අගමැති ඇල්බනීසිට දැඩි විවේචන

වික්ටෝරියා ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කාර්යාලය මාධ්‍යවේදීන්ට ලබාදුන් ලේඛනයක් හේතුවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom