

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්ය තත්ත්වයේ යහපත් වෙනසක්
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

Victoria ප්රාන්තය ඇතුළු සමස්ත ඔස්ට්රේලියාව පුරා Storm Season තත්ත්වය තවදුරටත් තීව්ර වෙමින් පවතිනවා.
Queensland ප්රාන්තයේ ඇතැම් ප්රදේශවල වාර්තාගත වර්ෂාපතනයක් සහ දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවීමත් සමඟ, මේ සති අන්තයේ ඔස්ට්රේලියාවේ ප්රාන්ත රැසකට තද වැසි , දරුණු සුළි කුණාටු සහ ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බවට කාලගුණ විශේෂඥයන් අනතුරු අඟවනවා.
විශේෂයෙන්ම Melbourne ඇතුළු Victoria ප්රාන්තයේ ප්රදේශ රැසකට ඉරිදා උදෑසන දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්යාඥ Tom Saunders වාර්තා කරන පරිදි, Western Australia දෙසින් පැමිණෙන ප්රබල Cold Front සහ නිවර්තන කලාපයෙන් පැමිණෙන තෙතමනය සහිත වායු ධාරා එකිනෙක හමුවීමත් සමඟ, South Australia සිට Victoria හරහා Tasmania දක්වා වර්ෂාපතනය ව්යාප්ත වීමට නියමිතයි.
විශේෂයෙන්ම ඉරිදා දිනයේ Central සහ Eastern Victoria ප්රදේශවලට ප්රබල සුළිකුණාටු ඇතිවිය හැකි අතර, ක්ෂණික ගංවතුර, ප්රබල සුළං සහ විශාල හිම කැට වැටීමේ අවදානමක් ද පවතිනවා.
Melbourne නගරයට ඉරිදා උදෑසන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ අනාවැකි පෙන්වා දෙන්නේ.
මේ අතර Queensland සහ New South Wales ප්රාන්තවලට ද ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් තද වැසි සහ දරුණු කුණාටු ඇතිවිය හැකි බව සඳහන්.
Queensland හි Bundaberg ප්රදේශයෙන් සිකුරාදා පස්වරු 5 වන විට මිලිමීටර් 68ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම Nambour ප්රදේශයෙන් ඔක්තෝබර් මාසය සඳහා වාර්තාගත මිලිමීටර් 401ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇති බව කාලගුණ වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව, Victoria, Queensland සහ New South Wales ප්රාන්තවල වෙසෙන ජනතාව, ඉදිරි දින කිහිපයේ කාලගුණ අනාවැකි සහ නිල කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.
දරුණු වැසි සහ ගංවතුර අවදානමක් පවතින ප්රදේශවල ගමන් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත් ජනතාවට විශේෂයෙන් මතක් කර සිටින බවයි බලධාරීන් පවසන්නේ.
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින්...
ඔස්ට්රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...
වික්ටෝරියා ප්රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්රදේශය ආශ්රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...
Queensland ප්රාන්තයේ රෝහල් හදිසි ප්රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට...
ඡන්දය ප්රකාශ කිරීමේදී විශේෂ අවශ්යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්යස්ථාන...
ලොව ප්රකට ව්යාපාරික Elon Muskගේ Tesla සහ SpaceX සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇති අතර, එම...
සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්රේලියානු රජය සිය...
Perth නගරයේ Victoria Park ප්රදේශයේ පිහිටි මන්ත්රී Hannah Beazleyගේ කාර්යාලයට ආයුධයක් රැගෙන පුද්ගලයෙකු පැමිණ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ලැබුණු තොරතුරක්...

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි