Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ අවදානම 42%කින් අඩු කළ හැකි නව පුද්ගලිකරණය කළ පිළිකා එන්නතක් පිළිබඳ වැදගත් ප්‍රතිඵල හෙළි වී තිබෙනවා

Intismeran ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිකාර එන්නත mRNA තාක්ෂණය මත නිර්මාණය කර ඇති අතර, සෑම රෝගියෙකුගේම පිළිකා ගැටිත්තේ ඇති විශේෂ ජානමය වෙනස්කම් හඳුනාගෙන, එම රෝගියාටම ගැළපෙන ලෙස වෙන වෙනම සකස් කිරීම එහි විශේෂත්වයයි.

මෙය සාමාන්‍ය රෝග වළක්වන එන්නතක් නොව, පිළිකාව ශල්‍යකර්මයකින් ඉවත් කිරීමෙන් පසු එය නැවත ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා ලබාදෙන ප්‍රතිකාර එන්නතක් බව පර්යේෂකයන් පවසනවා.

Advertisement

මෙම පරීක්ෂණයට, ශල්‍යකර්මයක් මගින් Melanoma පිළිකාව ඉවත් කර තිබුණද, එය නැවත ඇතිවීමේ වැඩි අවදානමක් තිබූ රෝගීන් 1,137 දෙනෙකු සහභාගී කරගෙන තිබෙනවා.

එම රෝගීන් කණ්ඩායම් දෙකකට බෙදා පරීක්ෂණය සිදුකර ඇති අතර, එක් කණ්ඩායමකට නව Intismeran එන්නත සහ දැනට භාවිත වන Keytruda පිළිකා ප්‍රතිකාරය ද අනෙක් කණ්ඩායමට Keytruda ප්‍රතිකාරය පමණක් ද ලබාදී තිබෙනවා.

Banner 01

වසර දෙකකට පසු ප්‍රතිඵල සසඳා බැලූ විට, Intismeran සහ Keytruda දෙකම ලබාගත් රෝගීන්ගෙන් 82.2%කට පිළිකාව නැවත ඇති නොවී තිබූ අතර, Keytruda පමණක් ලබාගත් රෝගීන් අතර එම ප්‍රතිශතය 70%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙම නව ප්‍රතිකාරය, පිළිකාව ශරීරයේ වෙනත් ප්‍රදේශවලට පැතිරීම හෝ මරණයට පත්වීමේ අවදානම ද 38%කින් අඩු කළ බව සායනික පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වා දෙනවා

Professor Georgina Long පවසන්නේ මෙම සොයාගැනීම Melanoma ප්‍රතිකාරයට පමණක් නොව, අනාගතයේ වෙනත් පිළිකා වර්ග සඳහාද එක් එක් රෝගියාට ගැළපෙන පුද්ගලිකරණය කළ ප්‍රතිකාර නිර්මාණය කිරීමට නව මාවතක් විවෘත කළ හැකි බවයි.

කෙසේවෙතත්, මෙම ප්‍රතිකාරය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර, සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතයට ගැනීමට පෙර අදාළ නියාමන අනුමැතිය ලබාගත යුතු වනවා.

මූලාශ්‍රය: Cancer Network

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා...

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

ඔස්ට්‍රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්‍රමණ...

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ බහුල පිළිකාවකට නව එන්නතක්

අස්වනු කාලයේ වීසා ප්‍රමාදයෙන් ඔස්ට්‍රේලියානු ගොවීන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා. විශේෂයෙන්ම පලතුරු නෙළීම සහ කෘෂිකාර්මික

Read More »

ඔස්ට්‍රේලියාවේ බහුල පිළිකාවකට නව එන්නතක්

ඔස්ට්‍රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ අවදානම 42%කින් අඩු කළ හැකි නව පුද්ගලිකරණය

Read More »

සිඩ්නි නව ගුවන් තොටුපළ ඉරිදා විවෘත වෙයි – පැය 24ම ගුවන් ගමන්

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

Read More »

ඔස්ට්‍රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Read More »

Box Hill කැළඹූ ඛේදවාචකය – කාන්තාවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

Read More »

ඔස්ට්‍රේලියානු ධජය රැගෙන පළමු වරට අභ්‍යවකාශයට යන්න සූදානමක්

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom