Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට නව නීතියක් සම්මත කර තිබෙනවා.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ රජයේ නව සැලැස්ම යටතේ මෙම නීතිය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙතෙක් බැලුන් 19ක් දක්වා අහසට මුදාහැරීමට තිබූ අවස්ථාව නව නීතියෙන් අහෝසි වන අතර, හිතාමතා එක් බැලුනයක් මුදාහැරීම පවා නීති විරෝධී වනවා.

Advertisement

මෙම නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට $400ක දඩයක් පැනවිය හැකි අතර, අධිකරණය මඟින් පුද්ගලයන්ට $1,100ක් දක්වා දඩ නියම කිරීමටත් අවස්ථාව තිබෙනවා.

බැලුන් 100ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මුදාහැරීමේදී පුද්ගලයන්ට $3,630ක් දක්වාත්, සමාගම්වලට $6,050ක් දක්වාත් උපරිම දඩ පැනවිය හැකියි.

Banner 01

මෙම නීතිය හඳුන්වාදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බැලුන් මුහුදට වැටීමෙන් ඩොල්ෆින්, තල්මසුන්, මුහුදු කැස්බෑවන් සහ මුහුදු පක්ෂීන් ඇතුළු සතුන්ට සිදුවන හානියයි.

කෙසේ වෙතත්, බැලුන් අලෙවි කරන සැපයුම්කරුවන්ට එරෙහිවත් නීතිමය පියවර ගත යුතු බවට Greens පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත්ව තිබෙනවා.

නව නීතිය ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම වසරේදීම ක්‍රියාත්මක වීමට නියමිත අතර, එය පරිසරයට හානි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස සැලකෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Party දාන ඔස්ට්‍රේලියානුවන්ට $200ක දඩයක්? අලුත් නීතියක් සම්මතයි

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

Read More »

වසර 30ක් Freezer එකක සැඟවී තිබූ අයිස්ක්‍රීම් එකක් වික්ටෝරියාවෙන් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

Read More »

වනුවාටු දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් – ඔස්ට්‍රේලියාවටත් බලපායි ද ?

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් සටහන් වී

Read More »

ජනතාව කියන දේ අනුව ප්‍රතිපත්ති හදන්න Pauline Hanson සූදානම්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

Read More »

ඔස්ට්‍රේලියාවේ දරුවන් කතා කරන භාෂා ගැන අලුත් දත්ත

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

Read More »

සුපිරි වෙළඳසැල් ජාලයකින් අලවි කළ ජනප්‍රිය කිරි නිෂ්පාදනයක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom