

Melbourne ක්‍රීඩිකාව බිඳ දැමූ මැරතන් ලෝක වාර්තාව
ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති මැරතන් ධාවන තරඟ ඉසව්වකදී වන

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධවලට අමතරව ව්‍යායාම ද විධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් දිරිමත් කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.
සාමාන්‍යයෙන් රෝගීන්ට ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කරන ලෙස උපදෙස් දීම වෙනුවට, ඖෂධ නියම කරන ආකාරයටම කළ යුතු ව්‍යායාම වර්ගය, කාලසීමාව සහ වාර ගණන නිශ්චිතව සඳහන් කළ යුතු බවයි වෛද්‍ය Isobelle Smith පවසන්නේ.
ඇය පෙන්වා දෙන්නේ මානසික අවපීඩනය, අධි රුධිර පීඩනය සහ දෙවන වර්ගයේ දියවැඩියාව දක්වා රෝගී තත්ත්වයන් වර්ධනය වීම වැළැක්වීමේදී සුදුසු ව්‍යායාම මගින් ඇතැම් ඖෂධවලට සමාන ප්රතිලාභ ලබාගත හැකි බවයි.

එමෙන්ම ඔස්ටියෝපොරෝසිස් හෙවත් අස්ථි දුර්වල වීමේ රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට මෙන්ම heart attacks සහ strokesවලින් සුවය ලබන රෝගීන්ට ද වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුකරන සුදුසු ව්‍යායාම ප්‍රයෝජනවත් විය හැකි බව සඳහන් වනවා.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන් 118 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදුකළ නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ වෛද්‍ය හමුවීම් සඳහා ලැබෙන සීමිත කාලය සහ ව්‍යායාම වැඩසටහන් සඳහා වැයවන මුදල මෙවැනි ප්‍රතිකාර නිර්දේශ කිරීමට ප්‍රධාන බාධාවන් වී ඇති බවයි.
රෝගීන්ගෙන් සියයට 95කට වැඩි පිරිසක් ඖෂධ ලබාගැනීම වෙනුවට හෝ ඊට අමතරව ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට උනන්දුවක් දක්වන බව ද, ඒ සඳහා නිසි මඟපෙන්වීම සහ සහාය ලබාදීම වැදගත් බව ද වෛද්‍ය Isobelle Smith පවසනවා.
මේ අතර, ආදායම් මට්ටම නොසලකා සියලු ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යායාම වැඩසටහන් සඳහා ප්‍රවේශය ලබාදීමට රජය සහ ප්‍රජා සංවිධාන වැඩි සහායක් ලබාදිය යුතු බවත්, ව්‍යායාම ඖෂධ ප්‍රතිකාරවලට විකල්පයක් ලෙස නොව රෝගියාගේ තත්ත්වය අනුව ප්‍රතිකාර සැලැස්මේ කොටසක් ලෙස යොදාගත යුතු බවත් සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්රයේ රැකියා සඳහා ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. SEEK දත්ත පදනම් කරගත් නව වාර්තාවකට අනුව, 2026...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවට සහනයක් ලබාදීමේ නව යෝජනාවක් Labor පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින...
ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත...
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. Rangr Dangr...
ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...
ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...
ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති මැරතන් ධාවන තරඟ ඉසව්වකදී වන

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.