Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප වුවද, අයදුම්කරුවන්ට තවදුරටත් විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් පවතින බව සංක්‍රමණ නීති විශේෂඥයන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති සමාගමක් වන Hannan Tew Immigration Lawyers විසින් ප්‍රකාශයට පත්කළ නව පැහැදිලි කිරීමකට අනුව, නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවක Administrative Review Tribunal හෙවත් ART වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබිය හැකියි.

එසේම පවතින වීසා අයදුම්පත ඉල්ලා අස්කරගෙන නව සේවායෝජක නාමයෝජනාවක් සහ නව වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාවද ඇතැම් අයදුම්කරුවන්ට පවතිනවා.

Advertisement

විශේෂිත තත්ත්වයන් යටතේ ART සමාලෝචනයක් ඉල්ලා සිටින අතරතුරම නව නාමයෝජනාවක් සහ වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ද හැකියාව තිබිය හැකි බව නීති විශේෂඥයන් සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වූ විට ඒ සඳහා අනුමැතියක් නොමැතිව අදාළ 186 වීසා අනුමත කළ නොහැකි අතර, වීසා අයදුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලිපියක් නිකුත් කළ හැකියි.

Banner 01

නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතු අතර රැකියා තනතුරේ සැබෑ අවශ්‍යතාව ප්‍රමාණවත් ලෙස තහවුරු නොකිරීම, රැකියා වර්ගීකරණයේ ගැටලු, වැටුප් සම්බන්ධ අඩුපාඩු සහ සේවායෝජකයාගේ ව්‍යාපාරික තොරතුරු පිළිබඳ ගැටලු ඇතුළත් වනවා.

කෙසේ වෙතත්, නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී නැවත ගාස්තු ගෙවීමට සිදුවිය හැකි අතර, පවතින වීසා අයදුම්පත ඉල්ලා අස්කරගැනීමෙන් Bridging Visa තත්ත්වයට සහ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ අයිතියට බලපෑම් ඇතිවිය හැකි බැවින් නීති උපදෙස් ලබාගෙන තීරණ ගැනීම වැදගත් බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය 2027 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට National Geographic විසින් නම් කර තිබෙනවා. ලොව පුරා...

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති...

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි...

ඔස්ට්‍රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Subclass 186 Visa Nomination ප්‍රතික්ෂේප වුණත් PR බලාපොරොත්තුව අවසන් නැහැ – අයදුම්කරුවන්ට විකල්ප කිහිපයක්

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

Read More »

පැය 24ම විවෘත සිඩ්නි නව ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.

Read More »

ජලයේ පාවෙමින් තිබූ බෝට්ටුවක් නිසා හෙළිවූ වික්ටෝරියාවේ ඛේදවාචකය

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයාගේ සිරුර

Read More »

ඊශ්‍රායල මැතිවරණයට දින දෙකක් තිබියදී නෙතන්යාහුට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

ඊශ්‍රායලයේ මහ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට එරෙහිව දහස් ගණනක ජනතාවක් Tel Aviv නගරයේ දැවැන්ත විරෝධතාවකට එක්ව තිබෙනවා. මෙම විරෝධතාවේදී, 2023

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom