සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ ප්රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්රාන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා.
මෙතෙක් ප්රධාන වශයෙන් බර වාහනවල වේගය නිරීක්ෂණය කිරීමට භාවිත කළ මෙම කැමරා පද්ධතිය මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු සියලුම වාහන සඳහා ක්රියාත්මක කිරීමේ හැකියාව සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.
2025 මැයි මාසයේ සිට 2026 ජුනි අවසානය දක්වා Pacific Highway සහ Hume Highway මාර්ගවල සිදුකළ අත්හදා බැලීමේදී වාහන මිලියන 7.7ක පමණ වේගය නිරීක්ෂණය කර ඇති අතර, වේග සීමා පිළිපැදීමේ සියයට 76ක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.
මෙම කැමරා මඟින් වාහනයක් ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට ගතවන කාලය ගණනය කර එහි සාමාන්ය වේගය හඳුනාගන්නා අතර, එය නියමිත වේග සීමාව ඉක්මවා ඇත්නම් රියදුරුට දඩ නියම කෙරෙනවා.
නව සමාලෝචන වාර්තාවකට අනුව මෙම ක්රමය පුළුල් ලෙස ක්රියාත්මක කිරීමෙන් මාරාන්තික රිය අනතුරු සියයට 17ක් දක්වාත්, බරපතළ තුවාල සිදුවන අනතුරු සියයට 13ක් දක්වාත් අඩු කරගත හැකි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ වේග සීමා උල්ලංඝනය කිරීම් සඳහා ඩොලර් 149 සිට ඩොලර් 3,064 දක්වා දඩ මුදල් නියම විය හැකි අතර, නව ක්රමය පුළුල් කිරීමට පෙර එකම වරදකට දෙවරක් දඩ නියම වීම වැළැක්වීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, සිඩ්නි නගරයේ සියලුම මෝටර් රථ සඳහා මෙම ක්රමය ක්රියාත්මක කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන ප්රාන්ත මැතිවරණයෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.