Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් (Wholesale electricity prices) සියයට 27කින් පහත වැටී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

Australian Energy Market Operator (AEMO) නිකුත් කළ වාර්තාවට අනුව, ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ තොග විදුලි මිල පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 27කින් සහ ඊට පෙර කාර්තුවට සාපේක්ෂව සියයට 15කින් පහළ ගොස් තිබෙනවා.

නිවාසවල සූර්ය පැනල, සුළං බලාගාර, මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ බැටරිවල බලශක්තිය ගබඩා කිරීමේ පහසුකම් ඉහළ යාම මෙම මිල අඩුවීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

Advertisement

විශේෂයෙන් දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලශක්තිය බැටරිවල ගබඩා කර සවස් කාලයේ වැඩි විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවල භාවිත කිරීමෙන් විදුලි මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි බලශක්ති බලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, අදාළ මාස තුන තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලුම සහ data centresවල විදුලි භාවිතය වැඩිවීම ඊට ප්‍රධාන හේතුවයි.

Banner 01

නව දත්ත අනුව, සූර්ය පැනල සහ බැටරි පද්ධති දෙකම ඇති නිවාස, සූර්ය පැනල පමණක් ඇති නිවාසවලට සාපේක්ෂව සවස් කාලයේ ජාතික විදුලි ජාලයෙන් ලබාගන්නා විදුලි ප්‍රමාණය සියයට 75කින් පමණ අඩු කරගෙන ඇති අතර, ගෑස් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම ද සියයට 34කින් පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මිල අඩුවීම තොග විදුලි වෙළෙඳපොළට අදාළ වන අතර, එම ප්‍රතිලාභ නිවාසවල විදුලි බිල්පත්වලට සෘජුවම හෝ එම ප්‍රමාණයෙන්ම ලැබෙන බවට සහතිකයක් නොමැති බව ද සඳහන් වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

ඔස්ට්‍රේලියාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නවීන Ghost Shark ස්වයංක්‍රීය සබ්මැරීන සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගත් ගුවන් ඩ්‍රෝන සහ...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

ඔස්ට්‍රේලියාවේ වසරේ ප්‍රධාන විභාගවලට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා AI ඇතුළු නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දී...

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය සේවා කාලසටහන් වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට ප්‍රාන්ත රජය...

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධවලට අමතරව ව්‍යායාම ද විධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් දිරිමත් කළ...

Victoria ප්‍රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Electricity Prices 27%කින් පහළට – වික්ටෝරියාවේ විදුලි පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළට

ඔස්ට්‍රේලියාවේ ගීත ගායනයට දක්ෂ ඔබට Elephant House – AusLanka TV වෙතින් අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

Read More »

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

Read More »

පැය 24ම විවෘත සිඩ්නි නව ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.

Read More »

ජලයේ පාවෙමින් තිබූ බෝට්ටුවක් නිසා හෙළිවූ වික්ටෝරියාවේ ඛේදවාචකය

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයාගේ සිරුර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom