Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද නිකුත් කළ නවතම දත්ත අනුව, සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 4.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේදී සියයට 4ක් ලෙස පැවති උද්ධමනය සැප්තැම්බර් මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, මාසික පාරිභෝගික මිල දර්ශකය ද සියයට 0.8කින් වැඩි වී ඇතැයි සඳහන්.

Advertisement

නිවාස සම්බන්ධ වියදම් උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ එම වියදම් සියයට 5.2කින් ඉහළ ගොස් ඇති බව ABS ආයතනය පෙන්වා දෙනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව විශේෂ අවධානයක් යොමු කරන මූලික උද්ධමන අනුපාතය හෙවත් Trimmed Mean Inflation ද සියයට 3.6ක් ලෙස වාර්තා වී තිබෙනවා.

Banner 01

මෙම නවතම දත්ත නිකුත් වීමත් සමඟ නොවැම්බර් මාසයේදී පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ නැංවීමේ හැකියාව සියයට 85ක් පමණ ලෙස මූල්‍ය වෙළෙඳපොළ ගණනය කර ඇති බවයි Bloomberg දත්ත උපුටා දක්වමින් වාර්තා වී ඇත්තේ.

මේ වනවිට ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ ප්‍රධාන පොලී අනුපාතය සියයට 4.60ක් වන අතර, එය තවත් සියයට 0.25කින් ඉහළ දැමුවහොත් සියයට 4.85ක් දක්වා ළඟා වනු ඇති.

එවැනි තීරණයක් ගතහොත් එය මේ වසර තුළ සිදුකරන පස්වැනි පොලී අනුපාත ඉහළ දැමීම වන අතර, නිවාස ණය ගෙවන ඔස්ට්‍රේලියානු පවුල්වලට තවත් මූල්‍ය පීඩනයක් එල්ල විය හැකියි.

නොවැම්බර් 2 සහ 3 යන දිනවල පැවැත්වෙන සංචිත බැංකුවේ මීළඟ රැස්වීමෙන් අනතුරුව නව පොලී අනුපාත තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්‍යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...

ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Kyneton ප්‍රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...

ග්‍රීසියේ සිට ඔස්ට්‍රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව භාවිතයෙන්...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති...

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ...

ඔස්ට්‍රේලියාවේ රියැදුරු බලපත්‍ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්‍රාන්තය නව Digital Driver’s Licence ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක්...

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ River Torrens ගංගාවට විසිතුරු මාළු මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම Koi Carp...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළට – ලබන සතියේ Cash Rate එකත් වැඩිවෙයි ද?

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්‍රපටය

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

Read More »

AI හමුවේ අවදානමට ලක්වන ඔස්ට්‍රේලියාවේ රැකියා

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

Read More »

ඇමෙරිකාවේ න්‍යෂ්ටික සබ්මැරීනයක් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

Read More »

ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරිගේ දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ්හිදී විවෘත කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

Read More »

ඔස්ට්‍රේලියාවේ වීසා අවලංගු කිරීමට හේතුවන Section 501 නීතිය ගැන ඔබ දැනුවත්ද?

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom