

ඔස්ට්රේලියාවේ ප්රධාන ගුවන් තොටුපළකට දැවැන්ත වෙනසක් – ප්රමාදයන් ගැන මගීන්ට අනතුරු ඇඟවීමක්
ඔස්ට්රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය දක්වා කාලය තුළ ගුවන් මගීන්ට

ඔස්ට්රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය දක්වා කාලය තුළ ගුවන් මගීන්ට ප්රමාදයන් සහ අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
මෙම දැවැන්ත සංවර්ධන ව්යාපෘතිය යටතේ නව Airport Central පර්යන්තයක්, අලුත් ගුවන් ධාවන පථයක්, මහල් කිහිපයකින් යුත් car parks දෙකක් සහ airport hotel එකක් ඉදිකිරීමට නියමිතයි.

දැනට Perth ගුවන් තොටුපළේ වෙනම පර්යන්තවලින් ක්රියාත්මක වන Qantas සහ Jetstar ගුවන් සේවා 2031 වසර වනවිට නව මධ්යම පර්යන්තයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.
මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් ගුවන් මගීන්ට ප්රමාදයන් සහ විවිධ අපහසුතා ඇතිවිය හැකි නමුත්, ඉදිකිරීම් සිදුකරන සම්පූර්ණ කාලය පුරාම ගුවන් තොටුපළ පැය 24 පුරා විවෘතව තබන බවයි Perth Airport ප්රධාන විධායක නිලධාරී Jason Waters පවසන්නේ.
සංවර්ධන ව්යාපෘතිය අවසන් වීමෙන් පසු වාර්ෂිකව Perth නගරයට පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගී ආසන ධාරිතාව මිලියන 4.4කින් ඉහළ නැංවීමට අපේක්ෂිතයි.
මේ අතර අද ආරම්භ වූ නවසීලන්තයේ Christchurch සිට Perth දක්වා Jetstar සෘජු ගුවන් සේවාව 2027 මාර්තු 27 දක්වා සතියකට තුන්වරක් ක්රියාත්මක කිරීමට නියමිතයි.
ජපානයේ Tokyo සහ නවසීලන්තය සමඟ පුළුල් කරන ලද ගුවන් සේවා හරහා බටහිර ඔස්ට්රේලියාවේ සංචාරක කර්මාන්තය සහ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ප්රාන්ත රජය අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, මෙම ව්යාපෘතිය සැලසුම් කළ ඩොලර් බිලියන 3ක මුදල තුළ සහ 2031 වසර වනවිට අවසන් කළ හැකිද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.
මෙල්බන් නැගෙනහිර ප්රදේශ කිහිපයක ක්රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු...
Perth නගරයේ Victoria Park ප්රදේශයේ පිහිටි මන්ත්රී Hannah Beazleyගේ කාර්යාලයට ආයුධයක් රැගෙන පුද්ගලයෙකු පැමිණ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ලැබුණු තොරතුරක්...
ඔස්ට්රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ...
ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලබන ජාත්යන්තර සිසුන්ට ඔස්ට්රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...
ඔස්ට්රේලියාවේ විපක්ෂය වන Coalition පක්ෂය, රජයේ වැඩසටහන් කිහිපයක් කපා හැරීමෙන් ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 31.3ක් ඉතිරි කරගත හැකි...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...
ඔස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්රතික්ෂේප...
ඔස්ට්රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය...

ඔස්ට්රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය දක්වා කාලය තුළ ගුවන් මගීන්ට

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,