Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණික කාන්තාවන් දහස් ගණනකට තම අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය පළපුරුද්දට සරිලන රැකියාවක් ලබා ගැනීම තවමත් බරපතළ අභියෝගයක් වී තිබෙනවා.

මේ පිළිබඳව සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කාන්තාවන් 340000ක් පමණ තමන් සතු කුසලතා සහ සුදුසුකම්වලට වඩා පහළ මට්ටමේ රැකියාවල නිරත වන බව සඳහන්.

එමෙන්ම, තම රැකියාවට සාපේක්ෂව වැඩි සුදුසුකම් ඇති පුද්ගලයන් අතර, සංක්‍රමණික කාන්තාවන්ගේ ප්‍රතිශතය සංක්‍රමණික පිරිමින්ට වඩා 20% කින් ඉහළ බව ද එම වාර්තාව පෙන්වා දෙනවා.

Advertisement

විවිධ රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ කාන්තාවන් උපාධි, වෘත්තීය සුදුසුකම් සහ වසර ගණනක සේවා පළපුරුද්දක් සහිතව පැමිණෙනවා.

නමුත් තම මව් රටේදී ලබාගත් එම සුදුසුකම් ඔස්ට්‍රේලියාවේදී පිළිගැනීමට ලක් කර ගැනීම පහසු කාර්යයක් නොවන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

Banner 01

විදේශීය සුදුසුකම් ඇගයීමේ ක්‍රියාවලිය, වෘත්තීය ලියාපදිංචිය සඳහා වන අවශ්‍යතා, අමතර අධ්‍යාපන සුදුසුකම් සහ ඒ සඳහා දැරීමට සිදුවන වියදම් මෙලෙස එම ක්‍රියාවලීන් අපහසු කිරීමට හේතු වී තිබෙනවා.

විශේෂයෙන් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය සහ අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති කාන්තාවන්ට, තමන්ගේ පෙර වෘත්තීය මට්ටමට ඔස්ට්‍රේලියාව තුලදී නැවත පැමිණීමට දිගු කාලයක් ගත විය හැකි බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

ඒ හේතුවෙන් ඇතැම් කාන්තාවන්ට තමන්ගේ සැබෑ සුදුසුකම්වලට වඩා පහළ රැකියාවල නිරත වීමට හෝ නැවත අධ්‍යාපනය ලැබීමට සිදුවනවා.

මෙය ඔවුන්ගේ ආදායමට පමණක් නොව, වෘත්තීය දියුණුවට, පවුලේ ආර්ථික ස්ථාවරත්වයට සහ අනාගත විශ්‍රාමික ජීවිතයට ද බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක් බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

මේ අතර, සංක්‍රමණිකයන්ගේ විදේශීය සුදුසුකම් පිළිගැනීම සඳහා වඩාත් විධිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මේ සමඟම අවධානයට ලක්ව තිබෙනවා.

තවද විදේශීය වෘත්තීය සුදුසුකම් පිළිගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම සහ සංක්‍රමණිකයන්ට තම වෘත්තීන් වෙත නැවත පිවිසීමට පැහැදිලි මාර්ග සකස් කිරීම ඒ අතර ප්‍රධාන යෝජනා වන බවයි පැවසෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...

ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් (Wholesale electricity prices) සියයට 27කින් පහත වැටී...

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා...

ඔස්ට්‍රේලියාවේ අපරාධ සහ බරපතළ විෂමාචාර සම්බන්ධයෙන් වීසා ප්‍රතික්ෂේප කිරීමේ සහ අවලංගු කිරීමේ තීරණ සඳහා බලපාන නව නීතිමය උපදෙස් මාලාවක් ලබන...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්‍රාන්තයේ කුඩා නගරයක් විශේෂ...

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සුදුසුකම් තිබූ පමණින් සංක්‍රමණික කාන්තාවන්ට රැකියා ලැබෙනවාද? ඔස්ට්‍රේලියාවෙන් නවතම හෙළිදරව්වක්

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom