Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අධික වර්ෂාව සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

තරගය ආරම්භ කිරීම සඳහා වේලාව වෙනස් කරමින් සංවිධායකයන් උත්සාහ කළත්, පවතින කාලගුණික තත්ත්වයන් යටතේ තරගය ආරක්ෂිතව පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි වාර්තා වුණා.

Advertisement

විශේෂයෙන්ම, හදිසි අනතුරකදී රෝහල් වෙත රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය හෙලිකොප්ටරය ක්‍රියාත්මක කිරීමේදී අඩු දෘශ්‍යතාව බාධාවක් විය හැකි බවයි සංවිධායකයින් නිගමනය කර තිබුනේ.

ඒ හේතුවෙන් ධාවකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් ප්‍රධාන MotoGP තරගය අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

එමෙන්ම Moto2 සහ Moto3 තරග ද අවලංගු කර තිබෙනවා.

මෙවර තරගාවලිය Philip Island ධාවන පථයේ MotoGP ඉතිහාසයට සුවිශේෂී අවස්ථාවක් වීමට නියමිතව තිබුණා.

වසර ගණනාවක් පුරා ලොව පුරා ධාවන ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම ධාවන පථයට සමුදීමේ අවස්ථාවක් ලෙසද මෙවර තරගාවලිය සැලකූ බවයි පැවසෙන්නේ.

2027 වසරේදී ඔස්ට්‍රේලියානු MotoGP තරගාවලිය Adelaide නගරයේ වීදි ධාවන පථයක් වෙත ගෙන යාමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වනවා.

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණයත් සමඟ, Philip Islandහි දීර්ඝ MotoGP තරඟයට මෙවර තරගාවලියෙන් බලාපොරොත්තු වූ තරගාකාරී සමුගැනීම අහිමි වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Perth නගරයේ Victoria Park ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රී Hannah Beazleyගේ කාර්යාලයට ආයුධයක් රැගෙන පුද්ගලයෙකු පැමිණ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ලැබුණු තොරතුරක්...

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයන්ට තම විශ්‍රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...

ඔස්ට්‍රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom...

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා...

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අයහපත් කාලගුණය නිසා MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කරයි

අයහපත් කාලගුණය නිසා MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කරයි

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අධික වර්ෂාව සහ අඩු දෘශ්‍යතාව

Read More »

Melbourne ක්‍රීඩිකාව බිඳ දැමූ මැරතන් ලෝක වාර්තාව

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති මැරතන් ධාවන තරඟ ඉසව්වකදී වන

Read More »

ඔස්ට්‍රේලියාවේ ගීත ගායනයට දක්ෂ ඔබට Elephant House – AusLanka TV වෙතින් අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

Read More »

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom