Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ විපක්ෂය වන Coalition පක්ෂය, රජයේ වැඩසටහන් කිහිපයක් කපා හැරීමෙන් ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 31.3ක් ඉතිරි කරගත හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

දේශගුණික විපර්යාස සම්බන්ධ වැඩසටහන්, නිවාස ආධාර සහ ඇතැම් කර්මාන්ත සඳහා ලබාදෙන සහනාධාර අඩු කිරීම එම වියදම් ඉතිරි කිරීමේ යෝජනා අතරට ඇතුළත් බවයි පැවසෙන්නේ.

විපක්ෂ නායක Angus Taylor සහ විපක්ෂයේ Shadow භාණ්ඩාගාරික Tim Wilson විසින් ඉදිරිපත් කළ මෙම යෝජනා අනුව, විදුලි වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන සහන, ගෘහස්ථ බැටරි සඳහා සහනාධාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන ඇතැම් අරමුදල් අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා.

Advertisement

තවද රජයේ දේශගුණික විපර්යාස සඳහා වන ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් ඩොලර් බිලියන 9.4ක් ඉතිරි කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

හරිත ඇලුමිනියම්, හයිඩ්‍රජන් සහ අත්‍යවශ්‍ය ඛනිජ කර්මාන්ත සඳහා ලබාදෙන සහනාධාර අවසන් කිරීමෙන් තවත් ඩොලර් බිලියන 7.3ක් ඉතිරි කිරීමට හැකි බව විපක්ෂය අපේක්ෂා කරනවා.

Banner 01

පළමු නිවස මිලදී ගන්නා අයට සහාය දෙන Help to Buy වැඩසටහන සහ සමාජ නිවාස ඉදිකිරීම් ඇතුළු නිවාස වැඩසටහන් කිහිපයක් අහෝසි කිරීමෙන් තවත් ඩොලර් බිලියන 4.7ක් ඉතිරි කළ හැකි බවද ඔවුන් වැඩි දුරටත් පවසනවා.

ස්ථිර පදිංචිකරුවන් ඇතුළු ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයන්ට ඇතැම් සුබසාධන දීමනා සහ ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන වන NDIS ලබාගැනීමේ සුදුසුකම් සීමා කිරීමෙන් වසර හතරකදී තවත් ඩොලර් බිලියන 2ක පමණ මුදලක් ඉතිරි කළ හැකි බව Coalition පක්ෂය සඳහන් කරනවා.

දුම්කොළ බද්ද අඩු කිරීම සහ විද්‍යුත් සිගරට් නීත්‍යානුකූල කිරීම සම්බන්ධ යෝජනා වලින්ද ඩොලර් බිලියන 7.9ක ඉතිරියක් ගණනය කර තිබෙන බව එම වියදම් කපාහැරීමේ යෝජනා ඉදිරිපත් කරමින් Angus Taylor සහ Tim Wilson පවසා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

රජයේ වියදම් ඉහළ යාම උද්ධමනයට හේතුවක් බවත් මෙම ඉතිරිකිරීම් යෝජනා තමන්ගේ ආදායම් බදු ප්‍රතිපත්තිය සඳහා මුදල් සපයා ගැනීමට උපකාරී වන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers එම අදහස ප්‍රතික්ෂේප කරමින් රජය වගකීමෙන් අයවැය කළමනාකරණය කරන බව පවසා තිබෙන අතර දෙසැම්බර් මාසයේදී වියදම් අඩු කිරීම පිලිබඳ රජයේ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරපත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබුනා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වසර 26ක් පුරා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියත්වයට පත්වූ Shona Joy විලාසිතා සන්නාමය වසා දැමීමට තීරණය කර තිබෙනවා. මනාලියන් සඳහා වන මංගල ඇඳුම්...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප...

ඔස්ට්‍රේලියාවේ රියැදුරු බලපත්‍ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්‍රාන්තය නව Digital Driver’s Licence ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ...

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයන්ට තම විශ්‍රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Kyneton ප්‍රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව...

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ෆෙඩරල් රජයට ඩොලර් බිලියන ගණනක් ඉතිරි කළ හැකි ක්‍රම ගැන කියන විපක්ෂය

ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට මෙල්බන්හි අවන්හල් 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom