Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්‍රදේශය නියෝජනය කරන Labor මන්ත්‍රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Paul Edbrooke පවසන්නේ පසුගිය සෙනසුරාදා තම මෝටර් රථයේ බොනට්ටුව මත තිබූ උණ්ඩයක් හමුවූ බවයි.

එම උණ්ඩයේ ‘RAT’ යන වචනය සහ ඔහු ගිනි නිවන භටයෙකු ලෙස සේවය කළ සමයේ භාවිත කළ අංකය සටහන් කර තිබූ බව ABC News වාර්තා කරනවා.

Advertisement

මෙම සිදුවීම දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ බියගැන්වීම් සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් බව Paul Edbrooke පෙන්වා දී තිබෙනවා.

මේ අතර, United Firefighters Union සංවිධානය ද මෙම තර්ජනය කිසිදු කොන්දේසියකින් තොරව හෙළා දැක ඇති අතර, වගකිවයුත්තා හඳුනාගැනීමට පොලිසිය පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව සඳහන් කර තිබෙනවා.

Banner 01

එම වෘත්තීය සමිතිය සහ Fire Rescue Victoria ආයතනය අතර 2021 වසරේ සිට සේවා ගිවිසුමක් සම්බන්ධයෙන් කම්කරු ආරවුලක් පවතින නමුත්, මෙම සිදුවීමට එම ආරවුල සෘජුවම සම්බන්ධ බවට මෙතෙක් තහවුරු වී නැහැ.

Victoria Police හි Security Investigation Unit මේ වන විට සිද්ධිය විමර්ශනය කරමින් සිටින අතර, නොවැම්බර් 28 පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

#PaulEdbrooke #VictoriaPolice #PoliticalThreat #AustralianPolitics #VictorianElection

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති...

ග්‍රීසියේ සිට ඔස්ට්‍රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව භාවිතයෙන්...

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට...

ඔස්ට්‍රේලියාවේ අපරාධ සහ බරපතළ විෂමාචාර සම්බන්ධයෙන් වීසා ප්‍රතික්ෂේප කිරීමේ සහ අවලංගු කිරීමේ තීරණ සඳහා බලපාන නව නීතිමය උපදෙස් මාලාවක් ලබන...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

චීනයේ නිරිතදිග ටිබෙට් ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ...

ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තවත් වික්ටෝරියා ඇමතිවරයෙකුට තර්ජනයක්? මෝටර් රථයෙන් උණ්ඩයක් හමුවෙයි

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom