Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්‍රාන්තය පාලනය කරන රජය තෝරා පත් කරගනු ලබනවා.

ඒ වෙනුවෙන් Melbourne නගරය ඇතුළු නාගරික සහ ප්‍රාදේශීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහාය දිනාගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ සිය ප්‍රචාරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

Advertisement

Ben Carrollගේ නායකත්වයෙන් යුත් Labour පක්ෂය අඛණ්ඩව සිව්වැනි වරටත් ප්‍රාන්තයේ බලය ලබාගැනීමේ අරමුණින් මැතිවරණයට ඉදිරිපත් වනවා.

මේ අතර, ලිබරල් පක්ෂ නායිකා Jess Wilsonගේ නායකත්වයෙන් යුත් Liberal – National සන්ධානය ප්‍රාන්තයේ පාලන බලය ලබාගැනීමට උත්සාහ කරනවා.

Banner 01

Warren Pickeringගේ නායකත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන One Nation පක්ෂයේ ඉදිරිපත්වීම ද මෙවර මැතිවරණයේ තවත් අවධානයට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා.

ජීවන වියදම, නිවාස මිල සහ දැරිය හැකි නිවාස පහසුකම්, අපරාධ, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, රැකියා සහ ප්‍රවාහන යටිතල පහසුකම් මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ අවධානයට ලක්වන ප්‍රධාන කරුණු අතරට අයත් වන බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ව්‍යවස්ථාදායක සභාවේ ආසන 88ක් පවතින අතර එහි බහුතර බලයක් ලබාගැනීම සඳහා අවම වශයෙන් ආසන 45ක් දිනාගත යුතුයි.

ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් 40 දෙනෙකු සිටින අතර, ඔවුන් ප්‍රාන්තයේ කලාප අටක් නියෝජනය කරමින් තේරී පත් වනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන් සඳහා ඡන්දදායක ලියාපදිංචිය නොවැම්බර් 3 වැනිදා රාත්‍රී 8ට අවසන් වීමට නියමිතයි.

කලින් ඡන්දය ප්‍රකාශ කිරීම නොවැම්බර් 18 වැනිදා ආරම්භ වන අතර, ප්‍රධාන මැතිවරණ දිනය වන නොවැම්බර් 28 වැනිදා උදෑසන 8 සිට සවස 6 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි බව සඳහන් වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....

ග්‍රීසියේ සිට ඔස්ට්‍රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව භාවිතයෙන්...

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...

ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් (Wholesale electricity prices) සියයට 27කින් පහත වැටී...

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ළඟ එන මැතිවරණයට සූදානම් වන වික්ටෝරියා ප්‍රාන්තය

ළඟ එන මැතිවරණයට සූදානම් වන වික්ටෝරියා ප්‍රාන්තය

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්‍රාන්තය පාලනය කරන රජය තෝරා පත් කරගනු ලබනවා.

Read More »

අයහපත් කාලගුණය නිසා MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කරයි

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අධික වර්ෂාව සහ අඩු දෘශ්‍යතාව

Read More »

Melbourne ක්‍රීඩිකාව බිඳ දැමූ මැරතන් ලෝක වාර්තාව

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති මැරතන් ධාවන තරඟ ඉසව්වකදී වන

Read More »

ඔස්ට්‍රේලියාවේ ගීත ගායනයට දක්ෂ ඔබට Elephant House – AusLanka TV වෙතින් අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

Read More »

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom