

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්රහාර එල්ල කිරීමට හැකි වන පරිදි නවීකරණය කිරීමේ සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා ඔස්ට්රේලියානු ආරක්ෂක සමාගමක් වන Thales Australia සහ ජර්මානු ආයුධ නිෂ්පාදන සමාගමක් වන STARK එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි සදහන්.
මෙම නවීකරණය යටතේ සතුරු ඩ්රෝන යානා හඳුනාගෙන විනාශ කළ හැකි RapidStriker නමැති ගුවන් ආරක්ෂක පද්ධතියක් රථයට එක් කිරීමේ හැකියාව පවතිනවා. රේඩාර් සහ සංවේදක භාවිතයෙන් ගුවනේ පවතින තර්ජන හඳුනාගෙන ඒවාට ඉක්මනින් ප්රතිචාර දැක්වීමට එම පද්ධතියට හැකි බවයි සදහන්.
මීට අමතරව, STARK සමාගමේ Cascade ප්රහාරක ඩ්රෝන යානා ද Bushmaster රථයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා. එමඟින් කිලෝමීටර් 100ක් දක්වා දුරකින් පිහිටි ඉලක්ක වෙත නිරවද්ය ප්රහාර එල්ල කිරීමේ හැකියාව අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.

Cascade ඩ්රෝන යානයකට මිනිත්තු 60ක් දක්වා ගුවනේ රැඳී සිටීමටත්, පැයට කිලෝමීටර් 220ක පමණ වේගයකින් ගමන් කිරීමටත් හැකි බව එම සමාගම තවදුරටත් පවසා සිටිනවා.
මෙම නව තාක්ෂණය ඔස්ට්රේලියාවේ පර්ත් නුවර පැවති Land Forces ආරක්ෂක ප්රදර්ශනයේදී ප්රදර්ශනය කර තිබෙනවා.
මේ අතර, නව Bushmaster රථ 268ක් මිලදී ගැනීම සඳහා ඔස්ට්රේලියානු රජය ඩොලර් මිලියන 750ක ආයෝජනයක් ප්රකාශයට පත් කර ඇති අතර එමඟින් Bendigo හි පිහිටි නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තවත් වසර හතක් පවත්වාගෙන යාමටත්, රැකියා 300ක් පමණ තවදුරටත් පවත්වා ගැනීමටත් බලාපොරොත්තු වෙන බවයි සදහන්.
කෙසේ වෙතත්, මෙම නව අවි පද්ධති ඔස්ට්රේලියානු හමුදාව විසින් මිලදී ගන්නේද, නැතහොත් අලුතින් ඇණවුම් කළ Bushmaster රථ සඳහා ඒවා සවි කරන්නේද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
ඊශ්රායලයේ මහ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට එරෙහිව දහස් ගණනක ජනතාවක් Tel Aviv නගරයේ දැවැන්ත විරෝධතාවකට...
ඔස්ට්රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා....
නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ දුම්රිය සේවා කාලසටහන් වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට ප්රාන්ත රජය...
ඔස්ට්රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්රාමීය ප්රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්යාව අඩුවිය හැකි...
ඔස්ට්රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්රහාර එල්ල...
ඔස්ට්රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක්...
ඔස්ට්රේලියාවේ රියැදුරු බලපත්ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්රාන්තය නව Digital Driver’s Licence ක්රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...
ඔස්ට්රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...
ඔස්ට්රේලියාවේ සාමාන්ය වෛද්ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි