

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්රපටය
ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

ඔස්ට්රේලියාවේ නව යොවුන් වියේ පසුවන දරුවන් පවා අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වෙමින් සිටින බවට Australian Federal පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.
වයස අවුරුදු 12ත් 17ත් අතර අන්තවාදයට යොමු වූ දරුවන් 55 දෙනෙකු පිළිබඳව සිදුකළ විශ්ලේෂණයකදී ඔවුන් සියලු දෙනාම පිරිමි දරුවන් වූ බවත්, එම දරුවන් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වී තිබූ බවත්, පොලිස් ප්රධානී Krissy Barrett පාර්ලිමේන්තු කමිටුවකට ඉදිරිපත් කළ වාර්තාවක සදහන්.
මෙම දරුවන් අතර ප්රචණ්ඩ ජිහාඩ්වාදී අදහස් වඩාත් ප්රචලිතව පැවති අතර, ඊට අමතරව රාජ්ය විරෝධී මතවාද මෙන්ම සුදු ජාතික ආධිපත්යවාදී මතවාදත් දක්නට ලැබී තිබෙනවා. එමෙන්ම, කිසිදු පැහැදිලි මතවාදයක් නොමැති දරුවන් ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

අන්තවාදයට යොමු වන දරුවන් සියලු දෙනාම අස්ථාවර පවුල් පසුබිමකින් පැමිණෙන බවට පැවති අදහස ද මෙම අධ්යයනයෙන් අභියෝගයට ලක්ව ඇති අතර, ස්ථාවර පවුල් පසුබිමක් සහ දෙමාපියන් සමඟ සමීප සබඳතා ඇති දරුවන් ද අන්තර්ජාලය හරහා මෙලෙස බලපෑමට ලක්විය හැකි බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
අධ්යයනයට ලක් කළ දරුවන්ගෙන් හතරෙන් එකකට වැඩි පිරිසකට ජීවිතයට මඟපෙන්වන පිරිමි ආදර්ශ චරිතයක් නොසිටි අතර, තුනෙන් එකකට ආසන්න පිරිසක් තමන්ව රැකබලා ගන්නා පුද්ගලයන්ගෙන් සිදුවූ ප්රචණ්ඩත්වය දැකීමට හෝ ඊට සෘජුවම මුහුණ දීමට සිදුව තිබෙනවා.
අන්තර්ජාලය හරහා පැතිරෙන වෛරී අදහස් සහ තාක්ෂණයේ වේගවත් ව්යාප්තිය හේතුවෙන් අන්තවාදී අදහස් සැබෑ ලෝකයේ ප්රචණ්ඩ ක්රියාවලට පවා මඟ පෑදිය හැකි බවට ඔස්ට්රේලියානු පොලිසිය තවදුරටත් අනතුරු අඟවා තිබෙනවා.
ඔස්ට්රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්රතිපත්ති...
ඔස්ට්රේලියාවේ New South Wales ප්රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට...
ඔස්ට්රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්රාන්තයේ කුඩා නගරයක් විශේෂ...
ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ පිටත ප්රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....
ඔස්ට්රේලියාවේ කාන්තාවන්ට සෞඛ්ය ප්රතිකාර ලබාගැනීම පහසු කිරීම සඳහා ෆෙඩරල් රජය නව වැඩපිළිවෙළක් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...
ඔස්ට්රේලියාවේ නිවාස ණය හිමියන් ඇතුළු පවුල් රැසකට බලපාන පොලී අනුපාත ඉහළ දැමීම් අවසන් වන දිනය පිළිබඳව ඔස්ට්රේලියානු සංචිත බැංකුව විසින්...
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards...
ඔස්ට්රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා....
ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...

ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

ඔස්ට්රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

ඔස්ට්රේලියාව ජාත්යන්තර සිසුන්ගේ ප්රමුඛතම අධ්යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

ඔස්ට්රේලියාව, ඇමෙරිකාව සහ බ්රිතාන්යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්රේලියාවට පැමිණ තිබෙනවා.

ඔස්ට්රේලියානු ක්රිකට් තරු වන ට්රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්රිකට් ඔස්ට්රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

ඔස්ට්රේලියාවේ පවතින සංක්රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958