Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ Wallan ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට Social Media ඔස්සේ තොරතුරු පළවී තිබෙනවා.

Krishleen Kaur නමැති මෙම දැරිය පසුගිය ඔක්තෝබර් 23 වැනි සිකුරාදා සිට අතුරුදන්ව සිටින බවයි එම පණිවිඩයේ සඳහන් වන්නේ.

ඇය අවසන් වරට දැක ඇති ස්ථානය ලෙස දැක්වෙන්නේ වික්ටෝරියාවේ Wallan Secondary College පාසලයි.

Advertisement

දැරියගේ ආරක්ෂාව පිළිබඳ පවුලේ සාමාජිකයින් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, ඇය සුරක්ෂිතව නැවත නිවසට ගෙන්වා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටින බවත් එම පණිවිඩයේ දැක්වෙනවා.

මේ අතර දැරිය සුරක්ෂිතව නැවත නිවසට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඇයගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වූ බව වාර්තා වනවා.

Banner 01

මෙම විරෝධතාව පැවතියේ Wallan Secondary College පාසල ඉදිරිපිටදීයි.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස විරෝධතාවට එක්වූ පිරිස ඉල්ලා සිට ඇති අතර, පාසල් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඔවුන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

විශේෂයෙන් බාලවයස්කරුවන් අපයෝජනය සඳහා ක්‍රමයෙන් පොළඹවා ගැනීම හෙවත් Grooming සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පවතින පුළුල් සමාජ ගැටලු පිළිබඳව ද විරෝධතාකරුවන් සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

දැරිය සුරක්ෂිතව නැවත පවුලේ සාමාජිකයින් වෙත පැමිණෙනු ඇතැයි ප්‍රදේශවාසීන් බලාපොරොත්තු පළ කරන අතර, ඇය පිළිබඳ කිසියම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් Wallan පොලිස් ස්ථානයේ (03) 5783 0400 දුරකථන අංකය ඇමතිය හැකියි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...

ඔස්ට්‍රේලියාවේ රියැදුරු බලපත්‍ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්‍රාන්තය නව Digital Driver’s Licence ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයන්ට තම විශ්‍රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helan Hainesට එල්ල වූ ඉලක්කගත මෝටර් රථ ප්‍රහාරයකින් ඇයගේ පාද දෙකම අහිමි වීමෙන් පසු, ඇයට සහ...

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාමික ඉතුරුම් ලෙස පවතින ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 4.8ක මුදලට බලපෑම් එල්ල විය හැකි අවදානම් පහක් පිළිබඳව The Reserve Bank...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය 2026–27 වසර සඳහා වන නිපුණතා සංක්‍රමණ නාමයෝජනා වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, Subclass 190 නිපුණතා නාමයෝජනා...

Victoria ප්‍රාන්තය ඇතුළු සමස්ත ඔස්ට්‍රේලියාව පුරා Storm Season තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතිනවා. Queensland ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල වාර්තාගත වර්ෂාපතනයක් සහ...

ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. SEEK දත්ත පදනම් කරගත් නව වාර්තාවකට අනුව, 2026...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ 15 හැවිරිදි දැරියක් අතුරුදන් – දැරිය සොයා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

Read More »

ඇමෙරිකාවේ න්‍යෂ්ටික සබ්මැරීනයක් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

Read More »

ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරිගේ දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ්හිදී විවෘත කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

Read More »

ඔස්ට්‍රේලියාවේ වීසා අවලංගු කිරීමට හේතුවන Section 501 නීතිය ගැන ඔබ දැනුවත්ද?

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958

Read More »

වේදනාවක් නැති Tattoo එකක් වෙනුවෙන් ආසියාවට යන ඔස්ට්‍රේලියානුවන්

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ නිර්වින්දනය හෙවත් General Anaesthesia ලබාගෙන

Read More »

වැරදි වීසා එකකින් ඔස්ට්‍රේලියාවට ආවොත් ඔබේ PR එකත් අවදානමේ

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom