ලොව ප්රධාන තාක්ෂණික සමාගමක් වන Apple, සිය ඉතිහාසයේ පළමු වරට touchscreen MacBook Pro Laptop එකක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
ඇමරිකාවේ Los Angeles නගරයේ පැවති විශේෂ උත්සවයකදී Apple සමාගමේ නව ප්රධාන විධායක නිලධාරී John Ternus විසින් මෙම නව නිෂ්පාදනය එළිදක්වනු ලැබුවා.
මීට පෙර Apple සමාගම MacBook පරිගණක සඳහා Touchscreen තාක්ෂණය හඳුන්වා දීමට උනන්දුවක් නොදැක්වූ අතර, මෙය සමාගමේ ලැප්ටොප් නිෂ්පාදන ඉතිහාසයේ වැදගත් වෙනසක් ලෙස සැලකෙනවා.
නව MacBook Pro පරිගණකය අඟල් 14 සහ 16 යන ප්රමාණ දෙකකින් හඳුන්වා දී ඇති අතර, PROLED XDR නමින් හඳුන්වන නවීන OLED තිරයකින් ද සමන්විතයි.
මෙම තිරය භාවිතයෙන් touchscreen හරහා ඡායාරූප විශාල කිරීම, ලේඛන පිරික්සීම, වීඩියෝ සංස්කරණය සහ විවිධ Software පාලනය කිරීමේ පහසුකම් ලබා දී තිබෙනවා.
එමෙන්ම නව MacBook Pro සඳහා Apple සමාගමේ M5 Pro සහ M5 Max චිප් භාවිත කර ඇති අතර, පරිගණකයේ පිටුපස පිහිටි Apple ලාංඡනය නැවත ආලෝකමත් වන ආකාරයට නිර්මාණය කිරීම ද විශේෂත්වයක්.
මෙම තාක්ෂණය Windows ලැප්ටොප් පරිගණකවල වසර ගණනාවක සිට පැවතියද, Apple සමාගම සිය MacBook නිෂ්පාදන සඳහා එය හඳුන්වා දී ඇත්තේ පළමු වරටයි.
මේ අතර ඔස්ට්රේලියාවේදී නව MacBook Pro පරිගණකයේ අඟල් 14 මාදිලිය ඩොලර් 4,599කින් සහ අඟල් 16 මාදිලිය ඩොලර් 5,499කින් ආරම්භ වන බව වාර්තා වනවා.
නොවැම්බර් 6 වැනිදා සිට මෙම නව පරිගණක වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර, දැනටමත් පෙර ඇණවුම් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.