Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන තිබෙනවා.

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ NSW Fair Trading ආයතනය 2026 ජූලි මාසයේ සිට සිදුකළ හදිසි පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවකින් පසුව, නීති ක්‍රියාමාර්ග 65ක් ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අතරට ඩොලර් 130,000කට වැඩි වටිනාකමකින් යුත් දඩ 40ක් සහ නිල අනතුරු ඇඟවීම් 15ක් ඇතුළත් වන අතර, දඩ 17ක්ම බලපත්‍ර නොමැතිව මෝටර් රථ අලෙවි කිරීම සම්බන්ධයෙන් පනවා තිබෙනවා.

Advertisement

නිසි බලපත්‍රයක් නොමැතිව වාහන අලෙවි කිරීම, වාහනයේ සැතපුම් හෝ කිලෝමීටර් ගණන වෙනස් කිරීම, දෝෂ සහිත වාහන විකිණීම, පරීක්ෂණ සහතික ව්‍යාජ ලෙස සකස් කිරීම සහ අවශ්‍ය බලපත්‍ර අලුත් නොකිරීම වැනි කරුණු පිළිබඳව බලධාරීන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

මෙවැනි වංචාවන්ට සම්බන්ධ වූ වෙළෙඳුන්ට එරෙහිව මීට පෙරත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඇතැම් සිද්ධීන්වලදී පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට අධිකරණ නියෝග ද ලබාදී තිබෙනවා.

Banner 01

මේ අතර, පාවිච්චි කළ මෝටර් රථයක් මිලදී ගැනීමට පෙර වෙළෙඳුන්ගේ බලපත්‍ර තත්ත්වය NSW Fair Trading නිල ලේඛනයෙන් පරීක්ෂා කරන ලෙසත්, වාහනයේ ඉතිහාසය Service NSW හරහා තහවුරු කරගන්නා ලෙසත් බලධාරීන් ජනතාවට උපදෙස් දෙනවා.

විශේෂයෙන්ම පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී සැඟවුණු දෝෂ, ව්‍යාජ ලේඛන සහ වංචාවන් පිළිබඳව සැලකිලිමත් වීමෙන් අනපේක්ෂිත මූල්‍ය පාඩු වළක්වාගත හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

ඕස්ට්‍රේලියාවේ Student Visa (Subclass 500) සහ Student Guardian Visa (Subclass 590) සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 2 වැනිදා සිට නව නීති ක්‍රියාත්මක...

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ River Torrens ගංගාවට විසිතුරු මාළු මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම Koi Carp...

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

Victoria ප්‍රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ වංචාකාරී මෝටර් රථ වෙළෙඳුන්ට දැඩි නීති

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවයි

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 ඔක්තෝබර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom