උතුරු කොරියාවේ නීතිවිරෝධී න්යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්රියාත්මක කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 29 වනදා නිකුත් කළ ඒකාබද්ධ ප්රකාශයට අනුව, ඔස්ට්රේලියාව, කැනඩාව, ප්රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නවසීලන්තය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මෙම ක්රියාමාර්ගයට එක්වී තිබෙන බවටයි වාර්තා වන්නේ .
මෙම සම්බාධක මගින් උතුරු කොරියාව විදේශ රටවල සේවයට යොදවන ශ්රමිකයන්, අනිෂ්ට Cyber Activities සහ රුසියාව සමඟ සිදුකරන නීතිවිරෝධී සහයෝගීතාවයට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර තිබෙන බවට සදහන් .
විශේෂයෙන්ම විදේශගත ශ්රමිකයන්ගෙන් ලැබෙන ආදායම සහ Cyber Fraud හරහා උපයාගන්නා මුදල් උතුරු කොරියාවේ ආයුධ වැඩසටහන් සඳහා යොදාගන්නා බවට ජාත්යන්තර නිරීක්ෂණ වාර්තා මගින් කරුණු අනාවරණය කර තිබෙනවා.
Multilateral Sanctions Monitoring Team හෙවත් MSMT කණ්ඩායම මීට අදාළ වාර්තා තුනක් නිකුත් කර ඇති අතර, 2026 සැප්තැම්බර් මාසයේ නිකුත් කළ තුන්වන වාර්තාවෙන් විදේශ රැකියාවලට යොදවන ශ්රමිකයන් හරහා උතුරු කොරියාව ආදායම් උපයන ආකාරය පිළිබඳවද තොරතුරු හෙළි වී ඇති බවටයි සදහන් වන්නේ .
එමෙන්ම 2024 වසරේදී රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ UNSCR 1718 විශේෂඥ කමිටුවේ බලය අලුත් කිරීම වැළැක්වීමෙන් පසුව, MSMT කණ්ඩායම උතුරු කොරියාවේ සම්බාධක උල්ලංඝනය කිරීම් පිළිබඳව අධීක්ෂණය කරමින් වාර්තා නිකුත් කර ඇති බවටත් සදහන් .
උතුරු කොරියාව සිය න්යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් අත්හැරිය යුතු බව අවධාරණය කරන මෙම රටවල්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම අදාළ යෝජනා සම්පූර්ණයෙන් ක්රියාත්මක කරන ලෙස සියලුම සාමාජික රටවලින් ඉල්ලීමක්ද කර තිබෙනවා.